අගමැතිතුමා ආර්ථිකය ගැන පම්පෝරි ගසමින් නොදන්නා ඉතිහාසයක් ගැන කතා කරනවා

  👤  3283 readers have read this article !
By mawbima 2018-07-12

අනුරාධා හේරත්

පරාක්‍රමබාහු රජු පාලන සමයේ මෙරට කුරුඳු වගාවක් නොතිබූ බවත් අගමැතිවරයා ආර්ථිකය ගැන පම්පෝරි ගසමින් නොදන්නා ඉතිහාසයක් ගැන කතා නොකළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසුවේ ඊයේ (11දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු අගමැතිවරයා පිළිබඳව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සිල්වා මහතා කියා සිටියේ මෙරට කුරුඳු වගාව ආරම්භ වූයේ ලන්දේසීන්ගේ පැමිණීමත් සමඟ බවත් අගමැතිවරයා කරන ප්‍රකාශ අනුව කුරුඳු ගහක් දෙකක් සිටුවා රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකි බවත්ය.

එදා අගමැති පුටුවේ වාඩිවන විට රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ පාලනයේ දැවැන්ත ණය කන්දට විවිධ ප්‍රකාශ කළද මේ වනවිට සිදුව ඇත්තේ එකී ණය බර තව තවත් ඉහළ යෑම පමණක් බව පවසන ඒ මහතා පෙන්වා දුන්නේ ගත වූ වසර තුන තුළ පමණක් මධ්‍යම අධිවේගීි මාර්ගය ඉදිකිරීමට ඩොලර් මිලියන දාහක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන දෙසියපනස් දෙකක්ද නැවත මධ්‍යම අධිවේගීි මාර්ගයට ජපන් යෙන්වලින්ද ණය ගනිමින් ඒවා නාස්ති කරමින් සිටින බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon