රුපියල බාල්දු වෙලා මුළු රටම මස්තබාල්දු වෙලා

  👤  3337 readers have read this article !
By mawbima 2018-07-12

2009 වර්ෂයෙන් පස්සේ පළමු වැනි වතාවට අද උතුර නැඟෙනහිරින් යළි බෝම්බ මතුවෙනවා. ආයුධත් හමුවෙනවා. රට බෙදන්න උපකාර කරන්නේ නැහැ කියලා දිවුරුම් දෙමින් පාර්ලිමේන්තුවට ආපු විජයකලා රටේ නීතියට විරුද්ධව කටයුතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයේ සිටින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය.

මන්ත්‍රිවරිය මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළන්ගොඩ ආසන සංවිධායක අකිල එල්ලාවල මහතාගේ නිවෙසේ පසුගියදා පැවැති කාන්තා බල මණ්ඩලය අමතමනි.

එහිදී ඇය මෙසේද පැවැසුවාය.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ බැංකු කොල්ලයේ මහ මොළකරු. ඒ වගේම බටලන්ද කොමිසමේ වගඋත්තරකරු. කෝ දැන් අර කියපු යහපාලනය. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. රටේ ආර්ථිකය කඩා වැටිලා. ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙලා. මුළු රටම මස්තබාල්දු වෙලා. මේ වන විට රටේ ආර්ථිකය විනාශ වෙලා. පාර්ලිමේන්තුවේ ඉන්න හිතෙන්නේ නැහැ ගේන පනත් දැක්කම.පනත්වලින් කරන්නේ මවුබිම පාවලා දෙන එක විතරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ තිබෙන වෙනස තමයි ඔහු ගමට ආදරය කරනවා. රට ආරක්ෂා කරන එක ඔහුගේ වගකීමක්. එතුමා සැමවිටම මේ රටටත් සාමාන්‍ය ජනතාවටත් ආදරය කරමින් රට ඉහළට ඔසවන්නයි කටයුතු කළේ. ඒ එතුමාගේ හැටි.

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon