අද පැවැත්වෙන පරීක්ෂණයේදී වරද පිළිගෙන දඬුවම ලිහිල් කරවා ගැනීමේ සූදානමක්

  👤  3432 readers have read this article !
By mawbima 2018-07-11

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් සිදු කිරීමට නියමිත පරීක්ෂණය අද (11දා) සවස පැවැත්වීමට නියමිත අතර එම පරීක්ෂණයේදී ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සනාථ වුවහොත් අවම වශයෙන් ඉදිරි ටෙස්ට් තරග 2ක් ඔවුන්ට තහනම් වනු ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් අද පැවැත්වෙන පරීක්ෂණයේදී වරද පිළිගැනීමටත් ඒ අනුව ලැබෙන දඬුවම් ලිහිල් කරගැනීමටත් ශ්‍රී ලංකා පාර්ශ්වයේ සූදානමක් ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් සහ එක් විස්සයි - 20 ක්‍රිකට් තරගයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස චන්දිම මාපටුන මහතා පත් කර ඇති බව වාර්තා වේ.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ කළමනාකාරු වශයෙන් ද මාපටුන මහතා කටයුතු කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමනාකරු තනතුර සඳහා තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබේ‍රා්යි මහතාගේ නම ද මින් පෙර යෝජනා වී තිබිණි. ජාතික තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් ද ලැබේ‍රා්යි මහතා ඉතාමත් කාර්යබහුල බැවින් පසුව එම තනතුර සඳහා චන්දිම මාපටුන මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon