පාරමී පැරැණි කාලය මකා දමයි

  👤  3375 readers have read this article !
By mawbima 2018-07-11

විචිත්‍ර වීරසිංහ

ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඊයේ (10දා) ආරම්භ වූ අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ පාරමී වසන්ති මූලික වටයේදී පස්වැනි ස්ථානයත්, ඩිල්ෂි කුමාරසිංහ මූලික වටයේදී 7 වැනි ස්ථානයත් දිනාගත්තද ඔවුන් දෙදෙනාටම ඉදිරි වට සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

එහිදී මීටර් 3000 බාධක ඉසව්වේ දෙවැනි මූලික තරගයට සහභාගි වූ පාරමී වි:10:20.12කින් අවසන් කරමින් 5 වැනි ස්ථානයට පත්වූ අතර, එම කාලය ඇයගේ පෞද්ගලික දිවියේ හොඳම කාලය බවට පත්වී තිබිණි. මෙයට පෙර එනම් පසුගිය ජුනි මාසයේදී ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඇය වි:10:21.54ක කාලයක් සටහන් කර තිබිණි.

කෙසේ වෙතත් ඇය සටහන් කළ මෙම කාලය මෙම තරගාවලියේදී එම ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩිකාවන් 40 දෙනා අතර 21 වැනි ස්ථානයට පත්ව තිබූ හෙයින් අවසන් තරගය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය.

මේ අතර ඊයේ මීටර් 800 සිවුවැනි මූලික තරගයට සහභාගි වූ ඩිල්ෂි කුමාරසිංහට හොඳ කාලයක් වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් ඇයට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව ගිලිහී ගියාය.

පසුගිය ජුනි මාසයේදී ජපානයේදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඩිල්ෂි විසින් වි:2:04.53ක කාලයක් සටහන් කර තිබුණද ෆින්ලන්තයේදී පැවැත්වෙන මෙම තරගාවලියේදී වි:2:12.91ක කාලයක් සටහන් කරමින් එම වටයේ අවසන් ස්ථානයට (7 වැනි) ස්ථානයට පත්ව තිබිණි.

තරගාවලියේ දෙවැනි දිනය වන අද දිනයේ පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 පිරිමි මූලික වටයේ තරගයට සහභාගි වීමට නියමිතව ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon