සිංගප්පූරු ගිය අගමැති අර්ජුන මහේන්ද්‍රන්වත් එක්කරගෙන එයි කියා අපි සිතනවා

  👤  3298 readers have read this article !
By mawbima 2018-07-11

නොර්වුඩ් නීටා පත්ම කුමාරි

මේ රටේ මහ බැංකුවේ විශාල මුදල් වංචාවක් සිදු කළ සිංගප්පූරුවේ රැඳී සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතාව සිංගප්පූරුවේ මේ දිනවල රැඳී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි පැමිණෙන විට කැඳවාගෙන එන තෙක් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායම ගුවන්තොටුපළේ මඟ බලන් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතා පැවැසීය.

රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (10දා) නුවරඑළිය නගරයේ ඒකාබද්ධ විපක්‍ෂ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් පවා නොතිබුණු සිංගප්පූරු ජාතික අග්‍රාමාත්‍යවරයාගේ හිතවතකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට මේ රටේ මහ බැංකුවේ අධිපතිකම ලබාදුන් බව රත්නායක මහතා කියා සිටි.

චයිනාහාබර් සමාගම විසින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබාදුන් බව ඇමෙරිකාවේ ටයිම්ස් පුවත්පත මඟින් ප්‍රචාරය කර රටේ අවධානය වෙනතකට යොමු කර හිටපු ජනපතිට මඩ ප්‍රචාර පතුර වන බවද රත්නායක මහතා කීය.

2015 වසරේ ජනවාරි 15 දින බහුතර බලයක් නොමැතිව බලයට පැමිණි වත්මන් රජය රට අගාධයට පත්කර ඇති බව රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon