පුත්තලම විලුක ගමේ ඉදිවූ අලහකෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ සර්වඥ ධාතු නිධානෝත්සවය හෙට

  👤  3446 readers have read this article !
By mawbima 2018-07-11

2017 ජුනි 11 වැනිදා 'ඉරිදා මව්බිම' පළවූ පුවතකට අනුව පුත්තලමේ විලුක ගමේ ඉදිවුණු අලහකෝන් බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජායාණන් වහන්සේගේ සර්වඥ ධාතු නිධානෝත්සවය හෙට (12දා) පැවැත්වේ.

බුදු පිළිම වහන්සේගේ නේත්‍රා තැබීමේ පුණ්‍යකර්මය 14දා හිමිදිරියේ සිදු කෙරේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මාකොළ මංගල, ලෙනගිරි ආරණ්‍යයේ කුරුණෑගල සමිත ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම පින්කම් පැවැත්වේ.

විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වනුයේ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාය. ධර්මශාලා, ආවාස ගෙවල්, චෛත්‍ය බෝධි ප්‍රාකාර, විහාර මන්දිරය, දහම් පාසල් ගොඩනැඟිලි ඇතුළුව විහාරස්ථානයකට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් සමන්විත විලුක ගමේ මෙම විහාරස්ථානය ඉදිකළේ කිරිබත්ගොඩ පදිංචි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි යූ.එස්. අලහකෝන් මහතා සහ මැතිනියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon