2020 වෙනකන් එජාප නායකයා රනිල්ලු

  👤  4552 readers have read this article !
By mawbima 2018-06-24

උපතිස්ස පෙරේරා

එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ බහුතර මන්ත්‍රින් සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගෙන ඉදිරි මැතිවරණවලින් එජාපය ජයග්‍රහණය කරවීම සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන බැවින් 2020 දක්වා එජාප නායකත්වයේ වෙනසක් සිදුනොවන බව එජාප ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කරයි.

ඉදිරි වසර එකහමාරේදී රට තුළ ක්‍රියාත්මක කෙරෙන පුළුල් ආර්ථික සංවර්ධන සැලැස්ම මඟින් ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා එජාපය ශක්තිමත් කර ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකි නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප මන්ත්‍රිවරුන් සියයට 95කගේ පමණ පිළිගැනීම වී ඇතැයි හෙතෙම සඳහන් කරයි.

2020දී පැවැත්වෙන මැතිවරණයකදී එජාප ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසු පක්ෂය ඉදිරියට ගෙන යෑමට තරුණ නායකයකුට ඉඩ ප්‍රස්තා ලැබෙනු ඇති බවත් ඒ සඳහා නායකත්වය වෙනස් කිරීමට වඩා රට සංවර්ධන මාවතට යොමු කර එජාප රජයක් බලයට පත් කර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව එජාපයේ බහුතරයක් මන්ත්‍රිවරුන්ගේ පිළිගැනීම වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon