බොදු උරුමය රකින්න කොමිසමක් එයි

  👤  4381 readers have read this article !
By mawbima 2018-06-24

සමන් ප්‍රියංකර නම්මුනිගේ

එළැඹෙන පොසොන් පොහෝ දිනයේ (27දා) ඓතිහාසික මිහින්තලා පුද බිමේදී බෞද්ධ හිමිකම් සුරැකීමේ කොමිසමක් ආරම්භ කරන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි.

මෙම බෞද්ධ හිමිකම් කොමිසමේ මූලික අරමුණ බෞද්ධ පූජා භූමි හා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩම් පිළිබඳ සොයා බැලීමය.
කොමිසමේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතාය.

දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන මෙම කොමිසමට සාක්ෂි සටහන් කරගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon