‘විපත් මඟ’ පිටු දැක ‘වියත් මඟ’ දක්වා...

  👤  4503 readers have read this article !
By mawbima 2018-06-24

මේ වසරේ මැයි මස 13 දින කොළඹදී 'වියත්මඟ' දෙවැනි වාර්ෂික සමුළුව පවත්වන ලදී. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ දිනයේ පූර්වභාගයේදී ආර්ථිකය, අධ්‍යාපනය, නීතිය හා සාමය, අන්තර්ජාතික සම්බන්ධතා සහ තිරසර සංවර්ධනය වැනි අප රටේ සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය විෂය ක්‍ෂේත්‍ර පිළිබඳව බුද්ධිමතුන්, වියතුන් 300ක් පමණ රැස් වී දත්ත විශ්ලේෂණය කරමින් සැලසුම් ඉදිරිපත් කිරීමය.

අප මව්බිමේ යහපත සඳහා කරන ලද මේ ක්‍රියාවලිය දේශයට ළැදි සෑම ලංකා පුත්‍රයකුටම මහත් සැනසීමට හේතු වන්නේය. මෙවන් පසුබිමක් තුළ රටේ නායකයකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 'විපත්මඟ' ලෙස හුවා දක්වන්නේ 'වියත්මඟ' සංවිධානයද නැති නම් වෙනත් සංවිධානයක්ද යන්න විමසා බැලිය යුතු කරුණකි. කෙසේ වුවත් මෙම ලිපියේ අරමුණ වන්නේ, අප දේශයට සාපේක්‍ෂව 'විපත්මඟ' පවතින්නේ කෙහේද, එහි අධ්‍යක්‍ෂවරුන් කවුරුන්ද, එයට හේතු වන්නේ කුමන කරුණුද යන්න විමසා බැලීමයි.
වර්තමාන ලෝකය තුළ අද වනවිට කිසිම රාජ්‍යයකට හුදෙකලාව කටයුතු කිරීමට නොහැකිය. රටක ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍ෂේත්‍ර සියල්ලම අන්තර්ජාතික බලවේගවල කොටස් බවට පත් වී හමාරය. ඒ අනුව වෙනත් රාජ්‍යයන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම අනිවාර්ය සාධකයකි.

මේ අනුව දේශයක යහපත සඳහා අතිශයින්ම වැදගත් වන්නේ තම රාජ්‍යයන් කුමන රාජ්‍යයක් සමඟ සම්බන්ධතා ඇති කරගත යුතුද යන කරුණ මතයි. ලෝක දේශපාලනයේදී අවංකවම තම රටේ වර්ධනය උදෙසා දායකත්වය ලබා දෙන්නේ කවුරුන්ද යන්න වටහා ගත යුතුයි. එසේ නොමැති වූ විට කුමන දේශයකට හෝ වේවා 'විපත් මඟකට' අවතීර්ණ වීම අනිවාර්ය සංසිද්ධියකි. වර්තමාන ජාත්‍යන්තරය තුළ කුමන රාජ්‍යයක හෝ ආර්ථික ශක්තිය වර්ධනය වන්නේ එම රාජ්‍යයන් ගොඩනංවාගෙන ඇති ජාත්‍යන්තර සම්බන්ධතාවල ශක්තිය මතය. වෙනත් අයුරකින් පවසන්නේ නම්, එම රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය මතයි. 1948 වසරේ සිට ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික මට්ටම ගැන සතුටුදායක විය නොහැකි බව අවධාරණය කරමි. එයට එක් ප්‍රධාන හේතුවක් වශයෙන් මා දකින්නේ ඉතා දුර්වල විදේශ ප්‍රතිපත්ති අනුගමනය කළ රාජ්‍ය පාලනයයි.

නිදහසින් පසු අප රටේ ප්‍රධාන යුග කිහිපයක් ඔස්සේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාවලිය කෙටියෙන් විමසා බලමු. 1947 - 1956 යුගය තුළ දැඩි කොමියුනිස්ට් විරෝධී බටහිර ගැති විදේශ පිළිවෙත නිසා, කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා පරිශ්‍රයත් බි්‍රතාන්‍ය යටතට ගිවිසුමකින් පවරන ලදී. නමුත් 1956දී හමුදා ඛණ්ඩ ඉවත් කොට චීනය, රුසියාව වැනි සමාජවාදී රාජ්‍යයන් සමඟ තානාපති සබඳතා ඇති කරගෙන අපේ විදෙස් පිළිවෙත වෙනසකට භාජන කරන ලදී. නැවත 1965 - 1970 එක්සත් ජාතික පක්‍ෂ රාජ්‍ය සමයේදී නැවතත් බටහිර ගැති, කොමියුනිස්ට් විරෝධී විදෙස් ප්‍රතිපත්තියට නැඹුරු විය. මේ යුගයේදී චීන විරෝධී ප්‍රතිපත්තිය උච්චස්ථානයකට පත්විය. චීන පතපොත ගෙන්වීම තහනම් විය. 1970 - 1977 සිරිමාවෝ බණ්ඩාරනායක රාජ්‍යය යටතේ නොබැඳි පිළිවෙත නැවතත් ඉස්මතු විය. මෙම අවධිය තුළ බටහිර ධනවාදී ක¼දවුර සමඟ මෙන්ම නැඟෙනහිර සමාජවාදී කඳවුර සමඟද මිත්‍රශීලී සහයෝගිතාව පවත්වාගෙන යනු ලැබීය.

1977දී, ජේ.ආර්. ජයවර්ධන යුගයේදී සිදුවූයේ නැවතත් බටහිරට ගැති ප්‍රතිපත්තියට නැඹුරු වීමයි. ඔවුන් බලයට පැමිණියේ ඉන්දියානු විරෝධී ප්‍රචාරණ ක්‍රමයක් ඔස්සේය. මෙම යුගයේදී බටහිර රටවල් මෙරට කටයුතුවලට මැදිහත් වීම ගැන ඉන්දියාවේ ප්‍රසාදයක් නොවීය. ඉන්දියාව වැඩිම මිලකට ඉල්ලා තිබුණද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඇමෙරිකානු සමාගමකට බදු දීම, ඇමෙරිකානු ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය ඉරණවිල විවෘත කිරීම යන හේතු මත ඉන්දියාව තම විරෝධය ප්‍රකාශ කොට තිබුණද ලංකා ආණ්ඩුව ඊට අවසරදී තිබිණි. ඉන්පසුව සිදුවූ දේ ගැන සඳහන් කරනවා නම් අපි හොඳින් දන්නා පරිදි උතුරේ තරුණ කොටස්වලට අවි පුහුණුව ලබා දෙමින් ආරම්භ වූ ක්‍රියාවලිය, 1987 උතුරට පරිප්පු හෙළීම දක්වාම දිග්ගැස්සිණි. 13 වැනි ව්‍යවස්ථාව බලෙන්ම පටවමින් අද වන විට අප දේශය 'විපත්මඟ'ට ඇද දැමීය. ඉන්දියාව විසින් ලංකාවේ ස්වෛරීභාවය කෙලෙසීම පිළිබඳව පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයින සිය විරෝධය ප්‍රකාශ කළද බටහිර රටවල් ඇතුළු ලොව අන් කිසිදු රටක් ඊට එරෙහිව යමක් ප්‍රකාශ කළේ නැත. ලංකාවේ විදේශ ප්‍රතිපත්තීන්ගේ දුබලතාව නිසා ඊට සහාය දීමට මිතුරන්ද සිටියේ නැත. බටහිරයන් සතුටු කිරීමට ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසා අරාබි රටවලුත් එවකට දකුණු අප්‍රිකාව හා සම්බන්ධතා පැවැත්වීම නිසා අප්‍රිකානු රටවලුත්, පෝක්ලන්ඩ් අර්බුදයේදී සහාය නොදීම නිසා ලතින් ඇමෙරිකානු රටවලුත්, අප රට හා උරණ වී සිටියේය. මෙසේ නොබැඳි ජාතීන් තම සතුරන් ලෙස සැලකූ බටහිර රටවල් පමණක් අපේ මිතුරන් ලෙස ඉතිරිව සිටියද ඔවුන් කිසිවිටෙකත් අපගේ සහායට ඉදිරිපත් වූයේ නැත. මේ ක්‍රියාවලිය දෙස හොඳින් නිරීක්‍ෂණය කරන විට මේ රට 'විපත්මඟ'ට ඇද දැමුවේ කවුද යන්න ඉතා මැනවින් පැහැදිලි වන්නේය.

1977න් පසුව සිදුවූයේ කුමක්ද?

ත්‍රස්තවාදීන් රටේ භූමි භාගයෙන් විශාල කොටසක් අත්පත් කරගෙන, එහි සම්පූර්ණ පාලනය ඔවුන්ගේ යටතට ගෙන රට දැවැන්ත ලෙස අස්ථාවරත්වයට පත් කළේ 'විපත් මඟේ' අධ්‍යක්‍ෂවරුන්ගේ අනුහස නිසා නොවෙයිද? බටහිරට ගැති වීම තුළ පසුගිය ඉතිහාසය පුරාම කිසිවිටෙකත් අපේ මවුබිමේ ජාතික අභිලාෂයන් ඉටුකර ගැනීමට නොහැකි වූ බව ඉතා මැනවින් පැහැදිලි වුවත් දේශද්‍රෝහීන්ට එය නොපෙනෙයි. 1976, අගෝස්තු 5 වැනි දින නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹදී පැවැත්වූ අවස්ථාවේ සිංග්ප්පූරු නායකයන්ගේ ප්‍රකාශය තුළින් මෙම කරුණ වඩාත් ඉස්මතු වන්නේය.

'ධ්බ ඪඵ බඩඥ ඹඥඵබ බඩචබ ඪද ජධදබපධත ධට ධ්ර්ජ්, බඩඥ ඹධපතඤ ඡචදඬ, ධ්ච්ඒ, ට්ඒඊඊ චදඤ ච ඹඩධතඥ ඩධඵබ ධට ඪදබඥපදචබඪධදචත පඥඨභතචබධපර චඨඥදජඪඥඵ, ධ් චථ ඵභපඥ බඩඥ ඤඪඵබඪදඨභඪඵඩඥඤ ඤඥතඥඨචබඥඵ චපඥ ඵධතඪඤතර භදඪබඥඤ ඹඪබඩ භඵ ඪද ධභප ඵබපභඨඨතඥ චඨචඪදඵබ බඩඥ ඹඥඵබ ටධප ච ථධපඥ ඥඳභඪබචඡතඥ චපපචදඨඥථඥදබ චදඤ ච ණභඵබ ඵඩචපඪදඨ ධට බඩඥ ඹධපතඤ'ඵ ඹඥචතබඩ'

මෑතකදී, එනම් 2017, සැප්තැම්බර් 3 -5 දිනවලදී චීනයේ ෂියාමෙන් නගරයේ පවත්වන ලද, නව වැනි 'ඕඅධ්ඛ්ඉ' සමුළුවේදී චීනයේ ජනාධිපති 'ෂී ජින් පින්ග්' මැතිතුමා මෙසේ ප්‍රකාශ කළේය.

''ර්ණීභප ඹධපතඤ බධඤචර ඪඵ ඡඥජධථඪදඨ ඪදජපඥචඵඪදඨතර ථභතබඪ - නධතචප. ඊඩඥ ඥජධදධථර ඩචඵ ඡඥජධථඥ ඨතධඡචතඪලඥඤ. ඊඩඥ තචඹ ධට බඩඥ බ්භදඨතඥ ඹඩඥපඥ, බඩඥ ඵබපධදඨ නපචර ධද ඹඥචඬ චදඤ බඩඥ ලඥපධ ඵභථ ඨචථඥ චපඥ පඥණඥජබඥඤ, චදඤ නඥචජඥ, ඤඥමඥතධනථඥදබ චදඤ ඹඪද - ඹඪද ජධධනඥපචබඪධද ඩචමඥ ඡඥජධථඥ බඩඥ ඵඩචපඥඤ චඵනඪපචබඪධද ධට චතත නඥධනතඥ'

චීන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් ඉතා මැනවින් පැහැදිලි වන්නේ ලෝකයේ අද සිවුවැනි ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය පිළිබඳවයි. ශක්තිවන්තයා, බලවන්තයා දුබල රාජ්‍යයන් තම ග්‍රහණයට හසු කර ගනිමින් කෙරෙන අසාධාරණ ක්‍රියාවලියත් ඒ සඳහා උපයෝගි කර ගන්නා කැලෑ නීතිය පිළිබඳවත් ඔහු ප්‍රකාශ කරයි. මේ වනවිට ආර්ථිකය ගෝලීයකරණයට හසුවී ඇති බවත්, ඉහත ක්‍රියාවලිය කුඩා රාජ්‍යයන්ගේ අභිලාෂයන් බිඳ හෙළන බැවින්, බෙහෝ රාජ්‍යයන් එය පිටුදකින බවත් ඔහු ප්‍රකාශ කරයි. අප වැනි කුඩා රාජ්‍යන්ගේ සංවර්ධනයේ ‍ෙදාරටු වසා මේ කෙනෙහිලිකම් කරන්නේ බටහිර රාජ්‍යයන් බව 'විපත්මඟ' අධ්‍යක්‍ෂවරුන්ට නොතේරීම මහත් අභාග්‍යයකි.
ඉහත 'ඕඅධ්ඛ්ඉ' සමුළුවේදී රුසියානු ජනාධිපති 'ව්ලැද්මීර් පුටින්' මහතා මෙසේ පවසා සිටියේය. 'ඇමෙරිකානු ඩොලරයේ ග්‍රහණයෙන් මුදාගෙන කුඩා රාජ්‍යයන්ගේ විදේශ විනිමය නමැති දැවෙන ප්‍රශ්නයට විසඳුමක් ලෙස තම රටවල මුදල් ඒකක හරහා ගනුදෙනු කිරීමට ඕඅධ්ඛ්ඉ කණ්ඩායම දැනටම සැලසුම් කරගෙන අවසන්'

'ඕඅධ්ඛ්ඉ' සමුළුව අවසානයේ එළිදැක්වූ ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි.

'ඊඩඥ ඕඅධ්ඛ්ඉ දචබඪධදඵ ජධදඤඥථද භදඪතචබඥපචත ථඪතඪබචපර ඪදබඥපමඥදබඪධදඵ, ඥජධදධථඪජ ඵචදජබඪධදඵ චදඤ චපඡඪබපචපර භඵඥ ධට භදඪතචබඥපචත ජධඥපජඪමඥ ථඥචඵභපඥඵ ඪද මඪධතචබඪධදඵ ධට ඪදබඥපදචබඪධදචත තචඹ චදඤ භදඪමඥපඵචතතර පඥජධඨදඪලඥඤ දධපථඵ ධට ඪදබඥපදචබඪධදචත පඥතචබඪධද'
අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් සහ අන්තර්ජාතික සම්බන්ධතා ක්‍රියාවලිය තුළ පවතින පිළිගත් ආචාර්ධර්ම බිඳ හෙළමින් සිදු කරන ඒකපාර්ශ්වික ආර්ථික සම්බාධක, යුදමය ආක්‍රමණ ආදිය දැඩි ලෙස හෙළා දකින බව ඕඅධ්ඛ්ඉ රාජ්‍ය නායකයන් අවධාරණය කරමින් පවසා සිටියේ ලෝක සාමය සඳහා කුඩා රාජ්‍යයන්ගේ සමාජ, ආර්ථික ප්‍රශ්නවලට කාර්යක්‍ෂමව මුහුණ දීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බවයි. බටහිර රාජ්‍යයන්ගේ කෙනෙහිලිකම්වලට එරෙහිව චීනය, රුසියාව ප්‍රධාන රටවල් අද වන විට එකමුතුව කුඩා රාජ්‍යයන් රැක ගැනීමට ගන්නා උත්සාහය 'විපත්මඟ' අධ්‍යක්‍ෂවරුන්ට නොතේරීම රටේ අවාසනාවකි.

2015 ජනවාරි 08න් පසුව සිදුවූයේ කුමක්දැයි විමසා බලමු.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු බලයට පැමිණෙන්නේ 'පෝට්සිටි' හරහා චීනය අමනාපයට පත් කර ගනිමින්ය. ඒ වගේම ලංකා ඉතිහාසයේ අවස්ථා දෙකකදී චීන රජයට එරෙහිව සෘජුවම ලංකා රජයේ අමාත්‍යවරුන් දෙදෙනකු චෝදනා එල්ල කොට ඇත. 1965දී,

ඩඩ්ලි සේනානායක රජයේ ඇමැතිවරයෙක්ද, වර්තමාන රජයේ රවි කරුණානායක ඇමැතිවරයාද මේ අදූරදර්ශී අනුවණ ක්‍රියාවට වගකිව යුත්තෝ වූහ. මේ රජය බලයට පැමිණියේම බටහිර රාජ්‍යයන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාය. ඉතිහාසයේ නැවතත් ඔවුහු බටහිර ගැති දුර්වල විදෙස් පිළිවෙතකට අවතීර්ණ වී මුළුමහත් ශ්‍රී ලංකාදීපයම 'විපත් මඟට' ඇද දැමූහ. බටහිර න්‍යාය පත්‍රයේ අඩංගු මහ ජාතිය දුර්වල කොට ජාතීන් අතර සමඟිය බිඳ හෙළමින් ඒකීය රාජ්‍ය පාලනය දුර්වල කොට ශ්‍රී ලංකාවේ අභිමානයද, ජාතික අභිලාෂයන් සුනුවිසුනු කොට මුළු දේශයම විනාශ මුඛයට පත් කරමින්, අතිශය දුර්වල රාජ්‍ය පාලනයකටත්, විදෙස් පිළිවෙතකටත් අවතීර්ණ වූ යුගයක නොවෙයිද අප ජීවත් වන්නේ. ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ අප රටට විරුද්ධව ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට පක්‍ෂව ක්‍රියා කිරීමට තරම් දුෂ්ට වූත් දේශද්‍රෝහී වූත් ක්‍රියාවම සිදු කළේ 'විපත්මඟ' සංවිධානයේ ප්‍රධාන කේවට්ට අමාත්‍යවරයකු නොවේද? මුළුමහත් දේශයම අද වනවිට විදේශ බලවේගවල දේශද්‍රෝහී ක්‍රියාවන්ට හසු වී හමාරයි. මේ වනවිට රටේ ආරක්‍ෂාව අනතුරේ හෙළා ඇත. හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කොට ඇත. රට රැක දුන් රණවිරුවන් හිරේ විලංගුවේ දමා දංගෙඩියට රැගෙන යමින් ඇත. ජනතාව පීඩාවට පත් කරන බදු බර පටවා, රටේ ආර්ථිකය දුර්වල කොට අප සැමගේ ජීවිත අගාධයට ඇද දමා ඇත. ප්‍රශ්න විස¼දා ගැනීමට නොහැකි ජනතාව 'විපත් මඟට' යොමු කරන අධම අඳුරු මූසල යුගයකට මුළු දේශයම රැගෙන යමින් ඇත. පසුගිය මැයි මස 13 වැනි දින, කොළඹදී පැවැත්වූ 'වියත්මඟ' සමුළුවේදී මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු වියතුන් 2000ක් පමණ රැස්වූයේ මේ 'විපත් මඟෙන්' රට ගලවා ගැනීමට මාර්ග සොයා ගැනීමටය.

ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, අන්තර්ජාතික සම්බන්ධතා, තිරසර සංවර්ධනය, නීතිය හා සාමය වැනි රටේ යහපතට අත්‍යවශ්‍ය සැලසුම් සකස් කිරීමටය. කිසිම දේශපාලන න්‍යාය පත්‍රයකට නැඹුරු නොවී, විවිධ ක්‍ෂේත්‍රවල වියතුන් දහස් ගණනක් රැස්වූයේ රට නැවතත් 'විපත් මඟින්' මුදා ගැනීමටය. නිදහසින් පසුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවන් වියතුන් රැස්වූ අවස්ථාවක් නොමැති තරම්ය.
මේ වියතුන් රැස්වූයේ, රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් ශක්තිමත් කිරීමටය. තවද අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ හරහා 21 වැනි ශත වර්ෂයේ අභියෝගවලට මුහුණ දිය හැකි කුසලතා පූර්වක, විනයවත් දැහැමි අනාගත ශ්‍රම හමුදාවක් ගොඩනඟන්නේ කෙසේද යන කරුණු සැලසුම් කිරීමටය. ඒ වගේම රටේ සියලුම ජාතීන්ට නිදහසේ ජීවත් වීමටත්, ඔවුන්ට නිසි ගෞරවය ලබා දීමටත්, සාමයෙන්, සංහිඳියාවෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට මං පෙත් විවර කරදීමටත්ය.

රට 'විපත් මඟෙන්' මුදාලීමට ගත් මෙම ගෞරවනීය උත්සාහයට, උතුම් මෙහෙවරට, අපහාස, උපහාස කරමින් එය 'විපත්මඟ' ලෙස හඳුන්වාදීමට 'විපත්මඟ' නිර්මාණය කළ මෝඩ පාලකයන්ටත්, ඔවුන් සමඟ සිටින දේශද්‍රෝහී කේවට්ට අමාත්‍යවරුන්ටත්, 'විපත් මඟ' සහ 'වියත් මඟ' යන මාර්ග දෙකෙහි වෙනස නුදුරු අනාගතයේදීම පෙන්වා දීමට මුළුමහත් දේශයේම දේශප්‍රේමී ජනතාව පෙළගැසී සිටින බව අවධාරණය කරමි.

ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon