ලෝක කුසලාන පාපන්දුවේ රස කතා

  👤  4359 readers have read this article !
By mawbima 2018-06-24

පාපන්දු කියන්නේ ලෝකයේ සෑම රටක්ම සෙල්ලම් කරන ක්‍රීඩාවක් නිසාම බොහෝ ක්‍රීඩාලෝලීන් ඒ වෙනුවෙන් විශේෂ උනන්දුවක් දක්වනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා රටවල් 210කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වෙන නිසා වැඩිම පිරිසක් නරඹන්නේ ඔලිම්පික් කියලා බොහෝ දෙනකුට හිතෙන්න පුළුවන්.

ඒ නිසා ලෝකයේ ක්‍රීඩාවන් අතරින් වැඩිම පිරිසක් රූපවාහිනියෙන් නරඹන්නේ කුමන ක්‍රීඩාවද කියලා ඇහුවොත් බොහෝ අය කියන්නේ ඔලිම්පික් කියලා. ඒත් ඒක වැරැදියි. ලෝකයේ බිලියන 3.5ක ක්‍රීඩාලෝලීන් පිරිසක් පාපන්දු ලෝක කුසලානය බලනවා කිව්වොත් ඔබ පුදුම වේවි. පුදුම වෙන්න දෙයක් නැහැ. ලෝකයේ වැඩිම පිරිසක් බලන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය. ඊට පස්සේ දෙවැනියට වැඩිම පිරිසක් රූපවාහිනියෙන් නරඹන්නේ ප්‍රංශ සවාරිය.

ඔන්න දැන් ආයෙත් ලෝකයේම ඉන්න ක්‍රීඩාලෝලීන් කැමැත්තෙන්ම නරඹන තරගාවලිය දැන් ආරම්භ වෙලා තියෙනවා. තරගාවලිය ආරම්භයේදීම අමුතු අමුතු දේවල් සිද්ධ වෙන නිසා මේ පාර ලෝක කුසලානය කවුරු දිනාවිද කියලා කාටවත් කියන්න බැහැ.

ලෝක ශූරයොත් පළමු වටයෙන්ම පරදියි

පසුගිය වර (2014) පාපන්දු ලෝක කුසලානය දිනාගෙන ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ මේ වනවිට පෙරමුණේ ඉන්න ජර්මනිය පළමු වටයේදීම ලෝකයේ 15 වැනි ස්ථානයට තල්ලු වෙලා ඉන්න මෙක්සිකෝවට 1-0ක් ලෙස පරාජය වීම සියලුම දෙනා පුදුමයට පත් වුණ සිදුවීමක් බවට පත්වුණා. ඒ වගේම ජපානය කොලොම්බියාව 2-1ක් ලෙස පරාජය කිරීමත් ලෝකයේ පාපන්දු ලෝලීන්ට අමුතුම අත්දැකීමක් බවට පත්වුණා. ඒක පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ආසියාවේ රටක් දකුණු ඇමෙරිකා මහද්වීපයේ රටක් පරාජය කරපු පළමු අවස්ථාව විදියටත් පාපන්දු පිටියේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෝක කුසලාන තරගාවලියකදී ජපානයට පරාජය වූ පළමු අවස්ථාව මෙය ලෙසත් ඉතිහාගත වුණා.

කොහොම වුණත් මෙවර ලෝක කුසලානය දිනාගනීවි කියලා අපේක්‍ෂා කරන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්න ජර්මනිය පරාජය වෙලා ඉන්න මොහොතක ඒ හා සමානවම බලාපොරොත්තු රඳවාගෙන ඉන්න බ්‍රසීලයට ස්විට්සර්ලන්තය සමඟ තිබුණ තරගය ජයගන්නට නොහැකි වීම (1-1) වගේම මෙවර කාගේත් අවධානයට ලක්වෙලා ඉන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරග වදින පෘතුගාල කණ්ඩායමට ස්පාඤ්ඤය සමඟ තරගය ජයගැනීමට නොහැකි වීමත් (3-3) නිසා ක්‍රීඩාලෝලීන්ට දැන් මොනවත්ම හිතාගන්න බැරි වෙලා තියෙනවා.

රොනාල්ඩෝගේ ගෝල ත්‍රිත්වය

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී කාගේත් ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න ක්‍රීඩකයන් කිහිප දෙනකු ඉන්නවා. ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වෙනකොට ගෝල 4ක් ලබාගෙන ඉහළම ගෝලලාභීන්ගේ සටහනේ ඉදිරියෙන්ම ඉන්නවා. ඔහු ස්පාඤ්ඤය සමඟ ලබා ගත්ත ගෝල ත්‍රිත්වය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබාගත්ත 51 වැනි ගෝල ත්‍රිත්වය බවටද පත් වුණා.

ක්‍රීඩා ලෝලීන් මෙසීගෙන් අෑත්වන ලකුණු

රොනාල්ඩෝ ගැන හැම පැත්තෙන්ම ප්‍රශංසා ලැබුණත් ආජන්ටිනාවේ ලියනල් මෙසී ගැන ක්‍රීඩාලෝලීන්ගේ විතරක් නොවෙයි ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පවා විශ්වාසය බිඳී ගිය බවක් පේනවා. ඒකට හොඳම උදාහරණය අයිස්ලන්තය එක්ක තිබුණ තරගයේදී මෙසීට ලැබුණ දඬුවම් පහරින් ආජන්ටිනාවට ලෙහෙසියෙන්ම ගෝලයක් ලබාගෙන තරගය ජයගැනීමට තිබුණත් මෙසීට ඒ ගෝලය සාර්ථක කරගැනීමට නොහැකිවීමත් එක්කම මෙසී පිළිබඳව බොහෝ දෙනකුගේ තිබුණු ප්‍රසාදය ටිකෙන් ටික අඩු වෙන්න පටන් අරන් කියලත් වාර්තා වෙනවා.

කාලෝස් සන්චෙස් පළමු රෙඩ් කාඩ් පත මිලදී ගනී

ඒ කොහොම වුණත් පසුගිය බදාදා වනතෙක් පැවැති තරගවලින් ලෝකයේම අවධානය දිනාගත්ත ජපානය හා කොලොම්බියා තරගයේදී කොලොම්බියාවේ කාලෝස් සන්චෙස්ට ලබා දුන් අඥඤ ඛ්චපඤ (පිටියෙන් ඉවත් කිරීමේ නියෝගය) එක මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලබා දුන් පළමු රෙඩ් කාඩ් එක.

ත්‍රස්තවාදී ප්‍රහාර බියක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඇතුළේ ඒ වගේ අදහාගත නොහැකි සිදුවීම් කිහිපයක් සිද්ධ වුණත් මෙම තරගාවලියට ත්‍රස්තවාදී තර්ජනයක් එල්ල වීමේ වැඩි ඉඩක් තියෙන නිසා එයට රුසියානු ආරක්‍ෂක අංශ පිළියමක් විදියට ඩේ‍රා්න මඟින් ප්‍රහාර එල්ල කරන්න නොහැකි වන විදිහට ඩේ‍රා්න හැසිරවීමේ සංඥා අවහිර කිරීමේ උපකරණ ක්‍රීඩාංගණයේ අවට ස්ථාපිත කිරීමට පියවර ගත්තා. තරග පැවැත්වෙන සෑම නගරයකම, සෑම ක්‍රීඩාංගණයකම, රටවල් 32 තරගකරුවන් රැඳී සිටින හෝටල් පරිශ්‍රයකම වගේම ඔවුන් පුහුණුවීම් කරන ස්ථානවලත් ඒ උපකරණ ස්ථාපිත කළා. ඒ නිසා ත්‍රස්තවාදී තර්ජනයක් එල්ලවීමේ අවධානය තුරන් වුණා කියලා ක්‍රීඩාලෝලීන්ට වගේම ක්‍රීඩකයන්ටත් සතුටු වෙන්න පුළුවන්.

විචිත්‍ර වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon