මොන බලපෑම් ආවත් වැඩ වර්ජනය දිගටම කරනවා -තැපැල් වෘත්තීය සමිති

  👤  3938 readers have read this article !
By mawbima 2018-06-22

නුවන් හෙට්ටිආරච්චි

තැපැල්පතිවරයා කුමන අයුරින් තැපැල් සේවකයන්ගේ වෘත්තීය අරගලයට බලපෑම් කළද අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් නොකරන බවත් ඉදිරි දින දෙක තුළ නිසි විසඳුමක් නොදෙන්නේ නම් අනිද්දා (24දා) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සංගම් සඳහන් කරයි.

එහිදී ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ තැපැල්පතිවරයා තම ආයතනික සේවකයන්ගේ ඉල්ලීම් දිනාදීම වෙනුවට වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීමට කටයුතු කරන බවත් තැපැල් සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම පමණක් නොව ඊට අදාළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත වනතෙක් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් නොකරන බවයි.

මේ වනවිටද තැපල් වෘත්තීය සංගම් 24ට අමතරව බැංකු සංගමය, වරාය, අධ්‍යාපන හා ටෙලිකොම් ඇතුළු වෘත්තීය සංගම් 25ක්ද තම සේවකයන් සමඟ එකතු වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඉදිරියේදී දැවැන්ත විරෝධතා රැලියක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon