වැඩ වර්ජිත තැපැල් සේවකයන්ගේ ජූනි වැටුප 11දා තෙක් පමණයි - තැපැල්පති

  👤  3856 readers have read this article !
By mawbima 2018-06-22

පහන් විජේසේකර, නුවන් හෙට්ටිආරච්චි

සේවයට වාර්තා නොකර තවදුරටත් වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම තැපැල් සේවකයන්ගේ ජුනි මස වැටුප ජුනි 01දා සිට 11දා දක්වා පමණක් ගණනය කරන බව තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ සම්බන්ධව 'මව්බිම' ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එසේ වැටුප් ගණනය කළද වැටුප් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට තැපැල්පතිවරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි.

මෙම ක්‍රියාදාමයද තැපැල් සේවකයන්ගේ වෘත්තීය අරගලය කඩාකප්පල් කිරීමට කරන සැලැසුමේ තවත් එක් පියවරක් බවද ඔහු කීය.

ඊට අදාළව කරුණු විමසීම සඳහා තැපැල්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඊයේ (21දා) පස්වරුව වනතෙක්ම ඔහු සම්බන්ධ කර ගත නොහැකි විය.

පසුව නියෝජ්‍ය තැපැල්පති ඩබ්ලිව්. ඒ. ජී. වික්‍රමසිංහ මහතාගෙන් 'මව්බිම' කළ විමසීමේදී සඳහන් කළේ මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් කිරීමට ඔවුන් බැඳී නොසිටින බවයි.
තැපැල්පතිවරයාගේ ඉල්ලීම මත නිකුත් කර තිබෙන ඉහත කී නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම තැපැල් ඇමැතිවරයා හා අමාත්‍යාංශ ලේකම් ඇතුළු වගකිව යුතු නිලධාරීන් සමම්බ්ධ කර ගැනීමට 'මව්බිම' දැරූ උත්සාහයන්ද ව්‍යර්ථ විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon