මිල වැඩි ඔෟෂධ ජූලිවල බස්සනවා

  👤  3826 readers have read this article !
By mawbima 2018-06-22

ආරියරත්න ගනේගොඩ

මිල අධික පිළිකා ඔෟෂධ වර්ග රැසක මිල ලබන ජූලි මාසයේදී අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහි ප්‍රථම අදියර යටතේ අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග 48ක මිල අඩු කිරීමට මීට පෙර පියවර ගනු ලැබීය. දෙවැනි අදියර යටතේ මිල අධික ඔෟෂධවල මිල අඩු කිරීමට තමන් තීරණය කළ බව ඇමැතිවරයා කියා සිටියේය.

ඔෟෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල ඒවායේ මිල ගණන් සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා තුළින් වැට් බදු ඉවත් කිරීම නිසා ගැටලු රැසක් විසඳුණු බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් මිල නියාමනය කිරීමට තමන් තීරණය කළ බවද ප්‍රකාශ කළේය.

පිළිකා ඔෟෂධ මාෆියාව නතර කිරීමට තමන්ට හැකි වූ බවත් රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූ බවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon