රට තුළ සංසරණය වන ගිනි අවි ගැන සංගණනයක් නෑ -විද්‍යා අභයගුණවර්ධන

  👤  3662 readers have read this article !
By mawbima 2018-06-22

මෙරටට පෞද්ගලිකව භාවිතයට ගන්නා සැහැල්ලු ගිනි අවි පිළිබඳ 2008න් පසුව කිසිදු සංගණනයක් කොට නැත.

නවීකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා පවසන්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2005දී කොමිසමක් පත් කර එවැනි සොයා බැලීමක් කළත් එය යුද්ධය අවසන් වූ පසුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර නැති බවයි.

2005දී උතුර හා නැඟෙනහිර පළාත් හැර එම ගණනය කිරීම් සිදු කළත් කුඩා ගිනි අවි 35,000ක් ඇති බව අනාවරණය වූ බවද හෙතෙම සඳහන් කළේය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතත් අනවසර ගිනි අවි භාවිතය නිසා මානව හිමිකම්වලින් මෙන්ම පරිසරය හා බැඳි විවිධ ක්ෂේත්‍රවලින් ජනතාව පීඩාවට පත්වීමට ගිනි අවි හේතුවක් වී ඇති බවද ඊයේ (21දා) පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව යුද අවි වෙළෙ¼දාම පිළිබඳ සම්මුතියට ප්‍රවේශ විය යුත්තේ ඇයි? යන තේමාව යටතේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

ශ්‍රී ලංකාව යුද අවි වෙළෙ¼දාම පිළිබඳ ජගත් සම්මුතියට එකඟවීමේ අවශ්‍යතාවද ඔහු එහිදී අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon