පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් කෝටි 108ක් ගහලා

  👤  3805 readers have read this article !
By mawbima 2018-06-22

අනුරාධා හේරත්

පිළිකා එන්නත් මිලදී ගැනීමට ඉදිරිපත් කළ ටෙන්ඩරයෙන් රජයට රුපියල් කෝටි 10ක පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වේ.

මේ හෙළිදරව්ව කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ 'මව්බිම'ට පැවැසුවේ රුපියල් 64,700ට ගෙන්වීමට හැකිව තිබූ අදාළ ට්‍රස්ටුසුමැබ් (ඊපචඵබභලභථචඡ) නමැති පිළිකා එන්නත රුපියල් 1,35,900කට මිලට ගැනීම නිසා එක් එන්නතකින් පමණක් රුපියල් 71,200ක පාඩුවක් සිදුවී ඇති බවය.

2018 මැයි 21දා දිනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පිළිකා රෝගය සඳහා වන එම එන්නත මිලට ගැනීමට තුන් වතාවකට ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ එකම සමාගමකට එම ටෙන්ඩර් තුනම පවරා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ ගනුදෙනුවෙන් රටට සිදුවන පාඩුව එකසිය අටකෝටි හැත්තෑ දෙලක්ෂ දෙදහස් හාරසියයක් (108,722,400) බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු පැවැසුවේ අදාළ ටෙන්ඩරය රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයකුගේ ඥාතියකුට ලබා දී ඇති බවය.

පිළිකා එන්නතක් ගෙන්වීමේදී පිළිකා සංගමයේ නිලධාරීන් කැඳවා ඒ පිළිබඳව විමසිය යුතු වුවත්, මෙහිදී එවැනි ක්‍රියාවලියක් සිදු නොවීමද බරපතළ ගැටලුවක් බව හෙතෙම කීය.
ඔහු වැඩිදුරටත් පැවැසුවේ සාමාන්‍යයෙන් රුපියල් මිලියන 100ක් ඉක්මවන ටෙන්ඩරයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු අතර ඒ සඳහා වන ටෙන්ඩර් ප්‍රසම්පාදන කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලය බවත් එසේ තිබියදී තුන් වරක් ටෙන්ඩර් කැඳවා එකම සමාගමට ලබාදීම මඟින් මෙම දූෂණ ක්‍රියාවලියක් සිදුකර ඇති බවත්ය.

මේ පිළිබඳව පිළිකා සංගමයෙන් විමසූ විට ඔවුන් පැවැසුවේ මෙවැනි එන්නතක් ගෙන්වීම පිළිබඳ විමසීමක් හෝ එකඟතාවක් තම සංගමයෙන් ලබාගෙන නොමැති අතර මීට පෙරවුවද එවැනි එන්නතක් ගෙන්වීමේදී එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති බවය.

එමෙන්ම රුපියල් 64,700ක් වැනි අඩු මිලකට ගෙන්වීමට හැකි එන්නත 1,35,900කට ගෙන්වීම ගැන ඔවුහු සිය විමතිය පළ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon