යුද සමයේදී අතුරුදන් වී ඇත්තේ ඹ්ඊඊඡ්යේ 351දෙනයි

  👤  3766 readers have read this article !
By mawbima 2018-06-22

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

යුද සමයේදී අතුරුදන් වී ඇති එල්ටීටීඊ සාමාජිකයන්ගේ සංඛ්‍යාව 351ක් බවට උතුරේ පිරිසක් මුලතිව් දිසා අධිකරණය වෙත නාමලේඛනයක් භාර දෙමින් සඳහන් කර ඇත.
එම නාමලේඛනය භාර දී ඇත්තේ දැනට මුලතිව් දිසා අධිකරණයේ විභාග වන හබයාස්කෝපස් නඩු කීපයකට අදාළව කළ විස්තර සැපයීමක් වශයෙනි.

ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද නාම ලේඛනයේ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු හා ප්‍රාදේශීය නායකයකු වූ යෝගරත්නම් හෙවත් යෝගීගේ නමද සඳහන් වෙයි. එහෙත් යෝගී විදේශගතව සිටියදී මියගිය අයකු වශයෙන් සැලකෙන අතර ඔහු විදේශ ගතව ඇත්තේ එල්ටීටීඊ සංවිධානය ආරම්භ වූ මුල් වකවානුවේදීමය.

එම නාමලේඛනයේ සඳහන්ව ඇත්තේ එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කොට පසුව එහි දේශපාලන අංශය වෙත අනුයුක්ත වූ පිරිසගේ නාමලේඛනයක් පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon