ශ්‍රී ලනිප 16දෙනා ඉදිරි සතියේ ඒකාබද්ධයේ අසුන් ගනිති

  👤  3786 readers have read this article !
By mawbima 2018-06-22

නුවන් හෙට්ටිආරච්චි

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා ඉදිරි සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගැනීමට යයි.

ඊයේ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවැසීය.

මේ අතර සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායමේ නායකයන් ලෙස එස්.බී, දිසානායක හා ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න නම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසයි.

මෙම දේශපාලන ව්‍යාපාරයේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම බවද මේ ආණ්ඩුව පරාජය කොට නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ටී.එන්.ඒ. ඇතුළු සියලු සුළු පක්‍ෂ දැනටමත් සහාය පළ කිරීමට එකඟව ඇති බවද ඔහු සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon