ඇමෙරිකාව මානව හිමිකම් ගැන කතා කළාට ඇමෙරිකාවේවත් ඒක නෑ

  👤  3870 readers have read this article !
By mawbima 2018-06-22

"මානව හිමිකම් ගැන එක්සත් ජනපදය ලෝකයට ලොකුවට දේශනා කරන්න ආවත් ඔවුන්ගේ රටේ මානව හිමිකම් ඔවුන් ආරක්‍ෂා කරනවද කියලා ප්‍රශ්නයක් අපට තිබෙනවා" යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (21දා) පැවැසූහ.

කොළොන්නාව ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණෝ ඒ බව සඳහන් කළහ.

එසේම ඔවුන් වෙනත් රටවලට ගොස් ඒ රටවල තිබෙන මානව හිමිකම් නැති කිරීමට විවිධ දෑ සිදු කරන බවද කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
එවැනි රටකට තිබිය හැක්කේ මොන මානව හිමිකමක් දැයි කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් විමසා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon