ජනතාවගේ සිහින සැබෑ කරනවා වෙනුවට ජනපති-අගමැති බලපොරයක පැටලිලා

  👤  3808 readers have read this article !
By mawbima 2018-06-22

අපිට කිවිසුමක් ගියත් පරීක්‍ෂණ පවත්වන එෆ්.සී.අයි.ඩී. වැනි ආයතන ඇතැම් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාප හා ප්‍රකාශයන් ගැන කිසිම පරීක්‍ෂණයක් කරන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම පැවැසීය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා බලපොරයක පැටලී සිටින බවත් පොදු ජනතාවගේ සිහින සැබෑ කිරීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (21දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ත්‍රස්තවාදී යුද්ධයට මුහුණ දෙමින් තවත් නොයෙකුත් අර්බුදවලට මුහුණ දෙමින් ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන ගියා. ණය අරගෙන රට සංවර්ධනය කළා. හැම ගමකම ඒ සංවර්ධන ව්‍යාපෘති දකින්න තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සීමාවක් නැතිව ණය ගන්නවා මිස කරන දෙයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම නිසා රුපියල ඔහේ පාවෙනවා. රුපියල අවප්‍රමාණය වීම නිසා රටේ ණය බර රුපියල් බිලියන 826 දක්වා ඉහළ ගිහිල්ලා.

ජනාධිපතිවරණයේදී කතා කළ මාධ්‍ය නිදහස, සාධාරණ සමාජ ක්‍රමය ගැන අද කතා කරන්නේ නැහැ. පොලිස්පතිවරයා පොලිසියට භාවනා කරන්න උගන්වන විට ඩුබායි ඉන්න පාතාල සාමාජිකයන් දුරකථනයෙන් රට පාලනය කරනවා. තමන්ට විරුද්ධව පාතාල කල්ලි සාමාජිකයන්ගේ බෙල්ල කපලා උසාවිය ඉස්සරට ගෙනැත් දානවා. රට ඉන්න පාතාල සාමාජිකයන්ම පොලිසියට දුරකථනයෙන් කතා කරලා කියනකම් පොලිසිය ඒ ගැන දන්නෙත් නැහැ. පාතාලය මිනී මරන විට මත්ද්‍රව්‍ය සමාජය ගිලගන්නා විට පොලිසිය පන්සිල් රැකලා වැඩක් නැහැ. සමාජයේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න පොලිසිය ක්ෂණිකවම ක්‍රියාත්මක විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්‍ෂණය මැතිවරණයයි. නමුත් යහපාලන ආණ්ඩුව මැතිවරණවලට බයයි. පළාත් පාලන මැතිවරණය දිනා ගන්න අපිට අවුරුදු තුනක් සටන් කරන්න වුණා. ඒ වගේම පළාත් සභා මැතිවරණය දිනා ගන්නත් සටන් කරන්න වෙලා. අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රිවරුන් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ගරුත්වය කෙලෙසිලා, ආරංචි වෙන විදියට ඇලෝසියස්ගේ අරක්කු විකුණපු මන්ත්‍රිවරුන් පස්දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම හා අපිට ගැටුමක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුළෙදි විපක්‍ෂයක් ලෙස අපි ඔවුන් සමඟ කටයුතු කරනවා. නමුත් ඔවුන් තවමත් පොදුජන පෙරමුණට එකතු වෙලා නැහැ. මේ කණ්ඩායමට විතරක් නොවෙයි ඕනෑම දේශපාලන කණ්ඩායමකට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. නමුත් කුණු කානුවලට වැටෙන්න අපිට බැහැ. පොහොට්ටුව විවේචනය හෝ පොහොට්ටුවට අයිතිවාසිකම් කියන්න අලුතින් එන අයට බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය බොහෝ
දුෂ්කරතාවන් මැද අද සාර්ථක ගමනක් ඇවිල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත බේරුගොඩ,
පොලිස්පති කියන දෙය පොලිස් කොමිසම අහන්නේ නැහැ. කොමිසම කියන්න දෙය පොලිස්පති අහන්නේ නැහැ. මේ ගැටුම නිසා රටේ නීතිය හා සාමය ඉතාම බරපතළ ලෙස කඩා වැටිලා. අද පොලිසිය ඇතුළෙදීම පිරිමි දරුවෙක් අපයෝජනයට ලක්වූ සිද්ධියක් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා. එමෙන්ම මහඔය පොලිසියේ රාජකාරි කරමින් සිටියදීම ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියාගේ මරණය යටගහන්න ඒ පොලිසියේ නිලධාරීන් පිරිසක් උත්සාහ ගන්නවා. එය පහරදීමකින් සිදුවූ ඝාතනයක් බවට මරණ පරීක්‍ෂකවරයා තීන්දු කර තියෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon