වැඩිහිටි දීමනා ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙවයි

  👤  3680 readers have read this article !
By mawbima 2018-06-22

නොර්වුඩ් - නීටා පත්ම කුමාරි

තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් නොලැබුණු වැඩිහිටි දීමනාව එම ආධාරලාභීන්ට ගෙවීමේ කටයුතු පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් 21දා ආරම්භ කළේය.

බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 5කට අයත් වැඩිහිටි දීමනාලාභීන් 875 දෙනකුට ගෙවීම් කටයුතු මෙසේ සිදුකරනු ලැබීය.

බගවන්තලාව ධර්මරාජ විහාරස්ථානයේදී මෙම වැඩිහිටි දීමනාව ලබාදීම අද සිදුකළ අතර අද එම මුදල ලබා ගැනීමට නොහැකි වූ වැඩිහිටියන්ට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ලබා ගැනීමට හැකි බවත් ඉදිරි දින කිහිපය තුළ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම වැඩිහිටි දීමනාලාභීන්ට එම මුදල ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon