සිංහරාජයේ අලි දෙදෙනා කෝපිකෑල්ලට ඇවිත්

  👤  3916 readers have read this article !
By mawbima 2018-06-22

පල්ලේබැද්ද - සිසිර පීල්ලදෙණිය

සිංහරාජ වනාන්තරයේ ජීවත් වන අලින් දෙදෙනා මේ දිනවල රක්වාන කෝපිකෑල්ල ප්‍රදේශයේ ගැවසෙමින් සිටිති. අලින් දෙදෙනා එම ප්‍රදේශයේ සැරිසැරීම හේතුªවෙන් කෝපිකෑල්ල ප්‍රදේශය ආශ්‍රිතව ගම්මානවල ජිවත් වන ජනතාව දැඩි භීතියට පත් වී සිටිති.

පසුගිය 19 වැනි දින හා 20 වැනි දින පාන්දර අලින් දෙදෙනා රක්වාන - කෝපිකෑල්ල විද්‍යාල පරිශ්‍රයට පැමිණ විද්‍යාලයේ සෙල්ලම් මිදුලේ වැට කඩා දමා එහි ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඇති කෙසෙල් පඳුරක් සම්පූර්ණයෙන් විනාශ කර දමා තිබිණි.

දිවා කාලයේ වන අලින් තම විද්‍යාලයට පැමිණ ඉගෙනුම ලබන දරුවන්ට ජීවිතවලට යම් කරදරයක් කළ හැකි බවත් එම නිසා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව තමාට වගකීම භාර ගැනීමට නොහැකි බව එම විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනිය අධ්‍යාපන බලධාරීන්ට දුරකථනය ඔස්සේ දැනුම් දී ඇත.

තම පාසල ඉදිරිපිට වන රොදක මේ වන විටත් අලින් දෙදෙනා රැඳී සිටින බවත් වනජීවී නිලධාරීන් දිවා - රාත්‍රි තම පාසලේ හා දරුවන්ගේ් ආරක්ෂාව වෙනුවෙන් සිටින බවත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය දුරකථනය ඔස්සේ "මව්බිම"ට පැවැසුවාය.

තම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ මවුපියන් දෙදෙනකු මෙම වල් අලින් පහරදීමෙන් ඝාතනය කර ඇති බවත් එම නිසා දරුවන් දැඩි භීතියකින් පසුවන බවත් විදුහල්පතිනිය පැවැසුවාය. විද්‍යාලයේ ගුරුවරියන්ද පිට පළාත්වල සිට තම විද්‍යාලයේ සේවයට පැමිණෙන නිසා ඒ අයගේ ජීවිතත් දැඩි අවදානමකට පත්වී ඇතැයිද ඇය පැවැසුවාය.

මවුපියන් සමඟ සාකච්ඡාවකින් පසුව පාසල ඉදිරියට පවත්වාගෙන යන්නේද තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නේද යන්න පිළිබඳ ඊයේ (21දා) තීරණයක් ගන්නා බවද ඇය පැවැසුවාය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon