අඹ යහළුවෝ වන අලි ප්‍රහාරයෙන් එකටම අවසන් ගමන් යති

  👤  3953 readers have read this article !
By mawbima 2018-06-22

දඹුල්ල - කේ.කේ. ආරියදාස මාතලේ - කිංස්ලි ද සිල්වා

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනකුට 20දා රාත්‍රි 7.30ට පමණ මාතලේ ආ¼දාවල ලිහිනිපිටිය ප්‍රදේශයේදී වන අලියකු පහරදී එම ස්ථානයේම දෙදෙනාම මියගොස් තිබියදී 21 දින අලුයම සොයාගත් බව නාඋල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නාලක රුවන් කුමාර (29) සුමුදු කමල් බී. හේරත් (30) යන මිතුරන් දෙදෙනෙකි.
එකම ආසන්නයේ නිවෙස් දෙකක පදිංචිව සිටින මොවුන් කුඩා කාලයේ සිටම අඹයාළුවන්ව සිටින බවත් මෙදින තමන්ගේ ගොවිපළේ ඉඩම සී සෑම සඳහා ටැක්ටර් රථයකට පණිවුඩය කියා නැවත නිවෙස බලා එමින් තිබියදී වන ලැහැබක් ආසන්නයේ එනම් මියගිය සුමුදු කමල් මහතාගේ ගොවිපොළ ආසන්නයේදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

වන අලියා විසින් ඔවුන් පැමිණි යතුරුපැදියටද බරපතළ ලෙස හානි සිදුකර ඇති අතර මියගිය මිතුරන් දෙදෙනාගේද සිරුරුවලට දැඩි හානි සිදුකර තිබෙන බව පොලිසිය කියයි.
මාතලේ ආ¼දාවල ලිහිනිපිටිය ප්‍රදේශය නිරන්තරයෙන්ම වන අලින්ගෙන් හානි සිදුවන ප්‍රදේශයක් බවත් මීට පෙරද ප්‍රදේශයේ කිහිපදෙනකුම වන අලින්ගේ ග්‍රහණයට නතුව මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවටද ඔවුහු චෝදනා කරති.

නාඋල පොලිසියේ නිලධාරීන් මෙම ස්ථානයට ගොස් පරීක්ෂා කරන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. මළ සිරුරු දෙක 21 දින දහවල් වන තුරු එම ස්ථානය තිබුණු අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව නාඋල පොලිසිය සඳහන් කළේය.

මියගිය නාලක රුවන් කුමාර මහතා දෙදරු පියෙකි. සුමුදු කමල් මහතා එක්දරු පියකු බව ප්‍රදේශවාසීහු පවසති. දෙදෙනාම ගොවිතැන් බත් කරමින් ජීවනෝපාය සරි කර ගෙන ඉතා හොඳ ජීවිතයක් ගතකළ තරුණයන් බව බොහෝ දෙනකු සඳහන් කළහ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මහත්මියට ප්‍රදේශවාසීහු කියා සිටියේ මෙම මළ ගෙවල් අවසන් වනතුරු හෝ ප්‍රදේශයට ආරක්ෂාවක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළහ. වනජීවී නිලධාරීන් මෙතෙක් එම ප්‍රදේශයට පැමිණ නැති බවටද ඔවුහු චෝදනා කරන්නට වූහ. ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ආරක්ෂාව ප්‍රදේශයට ලබාදෙන ලෙසත් එමෙන්ම වනජීවී නිලධාරීන් එක්ව ප්‍රදේශයෙන් මෙම වන අලින් පලවා හැරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටද පොරොන්දු වූවාය.

ලිහිනිපිටිය ආ¼දාවල ප්‍රදේශය නිරන්තරයෙන්ම වන අලින් ගැවසුණද එක් වන අලියකු මිනිසුන් හට පහරදීම සිදුකරන බවද බොහෝ දෙනකු පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon