මහා මන්තින්ද පිරිවෙනෙහි සංරක්ෂණය කරන ලද ගොඩනැඟිලි සඟසතුකොට පූජා කිරීමේ උත්සවය 23දා

  👤  3703 readers have read this article !
By mawbima 2018-06-22

චාමිණී ගම්මන්පිල

මාතර මහා මත්තින්ද පිරිවෙනට වසර 125ක් පිරීම නිමිතිකොට ගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංරක්ෂණය කරන ලද පිරිවෙනෙහි පොත්ගුල, පොහොය සීමාව හා පිළිමගෙයහි බිතුසිතුවම් සංරක්ෂණය කොට සංඝයා වහන්සේට පූජා කිරීමේ මහෝත්සවය මේ මස 23දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන මහා මන්තින්ද පිරිවෙනෙහි පොත්ගුල, පොහොය සීමාව හා පැරණි බිතුසිතුවමින් යුත් පිළිම ගෙය කාලයාගේ ඇවෑමෙන් සහ ස්වාභාවික උපද්‍රව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්ව තිබූ අතර එම විනාශය වළක්වා ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් කටයුතු කරන ලදී. ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 8.5කි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම් සංරක්ෂණ ශිල්පීන් විසින් අදාළ සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. මේ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම සහ මහා මන්තින්ද පිරිවෙනෙහි පරිවේණාධිපති පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය ලබාදෙන ලදී.

මෙම උත්සව මාලාව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වැනි දින ආරම්භ වන අතර සංරක්ෂණය කරන ලද ගොඩනැඟිලි සඟසතු කොට පූූජා කිරීමේ උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 23 වැනි දින සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon