ඔලිම්පික් දින සැමරුම් ධාවන තරගය 25දා නුවරඑළියේදී

  👤  3812 readers have read this article !
By mawbima 2018-06-22

විචිත්‍ර වීරසිංහ

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මඟ පෙන්වීම යටතේ ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කරනු ලබන ඔලිම්පික් දින සැමරුම් ධාවන තරගය ජුනි 25 වැනිදා නුවරඑළියේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙම තරගය ජුනි 25 වැනිදා පෙරවරු 10.00ට නුවරඑළිය ජනාධිපති මන්දිරය අසලින් ආරම්භ වී සිනෙසිටා ක්‍රීඩාංගණයෙන් අවසන් වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මෙවර මෙම තරගයට වැඩි වටිනාකමක් එක්කරමින් ඔලිම්පික් පදක්කම්ලාභිනි සුසන්තිකා ජයසිංහ, එවරස්ට් තරණය කළ පළමු හා දෙවැනි ශ්‍රී ලාංකිකයන් බවට පත්වූ ජයන්ති කුරුඋතුම්පාල හා ජොහාන් පීරිස් ද එක්වීම විශේෂත්වයකි.

මේ අතර ඔලිම්පික් ධජය ඔසවමින් මෙම තරයේ ආරම්භය සනිටුහන් කිරීමට මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා එක්වන අතර, මීටර් 800 ඉසව්වේ ආසියානු පදක්කම්ලාභිනි ගයන්තිකා අබේරත්නද මෙම තරගයට එක්වීම කැපී පෙනේ.

මේ සම්බන්ධයෙන් පෙරේදා (20දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසුවේ සුසන්තිකා ජයසිංහ, ජයන්ති කුරුඋතුම්පාල, ජොහාන් පීරිස් හා ගයන්තිකා වැනි රටට ගෞරවයක් ලබා දුන් ක්‍රීඩකයන් එක්වීම තුළින් මෙම තරගයට විශාල පිළිගැනීමක් මෙන්ම එය නවකයන්ටද හොඳ ආදර්ශයක් සපයා දී ඇති බවය.මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, එම කමිටුවේ භාණ්ඩාගාරික සේනක රණසිංහ, උප ලේකම් චන්දන ලියනගේ, තරගාවලි කමිටු සභාපති ගාමිණී ජයසිංහ, ආසිරි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය මංජුල කරුණාරත්න යන මහත්වරුන් මෙන්ම එහ ව්‍යාපාරයේ අලෙවි අධ්‍යක්‍ෂ රොචෙලී ද සිල්වා මහත්මියද එක්ව සිටියහ.

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon