සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශ්‍රාමික ඉන්ජිනේරුවාට වරෙන්තු

  👤  3876 readers have read this article !
By mawbima 2018-06-22

කවින්ධ්‍යා පෙරේරා

හිටපු ආමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පළමු වැනි සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේය.

මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශ්‍රාමික ඉන්ජිනේරුවරයකු වන අබේරත්නගේ වික්‍රමසිංහ නමැති අයටය.

මෙම සාක්ෂිකරු ඉකුත් දින අධිකරණයේ පෙනී සිටිමින් සාක්ෂි ලබාදී ඇති අතර ඉකුත්දා (19දා) සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට අවවාද කර තිබූ නමුත් පෙරදින අධිකරණයේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබීය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 11 වැනිදා තෙක් කල්තබන ලදී.

2011 වසරේ අගෝස්තු මස 10 වැනිදා 2012 වසරේ දෙසැම්බර් මස 03 වැනිදා අතර කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ කළමනාකාර සහකාර නමැති තනතුරක් නිර්මාණය කර ඊට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කරන ලෙස එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට බල කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon