කතරගම ප්‍රා. සභාපති ඇතුළු හයදෙනාට ඇප

  👤  3817 readers have read this article !
By mawbima 2018-06-22

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

කතරගම නගරයේදී පොලිස් කොස්තාපල්වරයකු තැබූ වෙඩි පහරින් යතුරුපැදිකරුවකු ජීවිතක්ෂයට පත්වීම පදනම් කරගනිමින් විරෝධතාවයේ නියැළීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු හයදෙනකු තිස්සමහාරාම අධිකරණය මඟින් ඇප මත නිදහස් කර තිබේ.

කතරගම නගරයේදී 2018 ජනවාරි 20 වැනිදා පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට කතරගම පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු තැබූ වෙඩි පහරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධතාවක් දැක්වූ අතර එහිදී කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 09 දෙනකු රජයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම, පොලිස් නිලධාරීන් හට සාපරාධී අනර්ථයක් සිදුකිරීම, අඩන්තේට්ටම් කිරීම, රජයේ දේපළ සඳහා හානි සිදුකිරීම යටතේ පොදු දේපළ විෂයෙහිලා සිදුකරන වැරැදි යටතේ චෝදනා ගොනුකර තිබිණි.

එම දිනවල පොලිස් අත්අඩංගුවට පත් නොවූ මොවුන් පසුව 2018.04.23 දින තිස්සමහාරාම අධිකරණයට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
කෙසේ නමුත් මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09දෙනා අතරින් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 06 දෙනකු පසුගිය 19 වැනිදා තිස්සමහාරාම අධිකරණය මඟින් එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප බැඳුම්කර අස්සන් කර නිදහස් කර තිබේ.

එමෙන්ම ඇප මත නිදහස් වූ අය සෑම මසකම අවසන් ඉරුදින රාත්‍රි 09ත් 12ත් අතර අම්බලන්තොට පොලිසියේ පෙනී සිටිය යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. එමෙන්ම 2018.07.03 වන දින නැවත නඩුව කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon