ප්‍රේමලාල් ජයසේකර නඩු විභාගය යළිත් රත්නපුර අංක 2 මහාධිකරණයට

  👤  3937 readers have read this article !
By mawbima 2018-06-22

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ වත්මන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් හතකට එරෙහිව රත්නපුර මහාධිකරණයේ විභාගවෙමින් පවතින නඩුව විත්තියේ ඉල්ලීම මත එම නඩුව කලින් විභාග කළ මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේම විමර්ශනය කිරීම සුදුසු බව රත්නපුර මහාධිකරණ අංක 01 විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය.

මහාධිකරණ විනිසුරුවරයා මෙම තීරණය ගත්තේ ඊයේ (21දා) වැඩිදුර විභාගය සඳහා නඩුව කැඳවන ලද අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන්ගේ සහ රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.

සබරගමුව පළාත්බද මහාධිකරණයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ රත්නපුර අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ දෙකක් අංක 01 සහ 02 ලෙසින් පවත්වාගෙන යයි. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව විභාග වන මෙම නඩුව ඊයේට නියමිතව තිබුණේ අංක 01 දරන මහාධිකරණයේදී විභාග කිරීමටය. නඩුව විභාග වන අධිකරණ පරිශ්‍රය වෙනස් නොවී පැවැතුණත් එදින අංක 01 දරන මහාධිකරණයේ විනිසුරුවරයා වූයේ මහාධිකරණ විනිසුරු නවරත්න බණ්ඩාර මහතාය.

මෙම නඩුව ආරම්භයේ සිටම විනිශ්චය කළ මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා රත්නපුර අංක 02 මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත්කොට තිබිණි.
රත්නපුර අංක 01 දරන මහාධිකරණයේදී ඊයේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී හත්වැනි විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉÂද්‍රතිස්ස මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම නඩුව ආරම්භයේ සිට විනිශ්චය කළ මහාධිකරණ විනිසුරුවරයා නොමැතිව වෙනත් විනිශ්චයකාරවරයකු හමුවේ විභාගයට කැඳවීමෙන් අනවශ්‍ය ප්‍රමාදයක් සිදුවනවා මෙන්ම දෙපාර්ශ්වයටම අගතියක් සිදුවන බවය.

එසේම 48 වැනි වගන්තිය යටතට ගැනෙන ප්‍රතිපාදන කිසිවක් මෙහිදී පැන නොනඟින නිසාත් කලින් මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම අධිකරණය කලාපය තුළම සේවයේ නිරත වන නිසා මෙම නඩුවේ ඉදිරි කටයුතුද ඔහු වෙත යොමු කිරීම සුදුසු බවය.

රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා මෙහිදී අධිකරණයට දන්වා සිටියේ විත්තියේ ඉල්ලීමට තමා විරුද්ධ නොවන නමුත් නියම කර ඇති සාක්ෂිකරුවන් සියලු දෙනාම අධිකරණයේ පෙනී සිටින නිසා නඩු දිනය කල් නොදමාම දවසේ ඉතිරි කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට හැකිවන පරිදි නඩු විභාගය රත්නපුර මහාධිකරණ අංක 2 වෙත යොමු කරන ලෙසය.

දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් රත්නපුර අංක01 මහාධිකරණ විනිසුරු නවරත්න මහතා එම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු අංක 2 මහාධිකරණ විනිසුරුවරයා හමුවේ විභාග කිරීමට නියෝග කළේය.

ඒ අනුව නඩු විභාගය අංක 02 රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ ආරම්භ කෙරිණි. ඊයේ දිනයේදී කලින් දින සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඉÂද්‍රසිරි වාසල බණ්ඩාර මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඇරඹිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon