කපුමහතාගේ අනියම් බිරිය බව කියන කත හා ඇගේ සැමියා ජූලි 04දා තෙක් රිමාන්ඩ්

  👤  4182 readers have read this article !
By mawbima 2018-06-22

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

තිස්සමහාරාම - රොෂාන් රාජික

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 19 වැනිදා දහවල් දික්වැල්ල නගරයේදී අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇයගේ ස්වාමියා පෙරේදා (20දා) තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හට වෙඩි තැබූ බවට සැකකරන මහසෙන් දේවාලයේ ප්‍රධාන කපුමහතාගේ අනියම් බිරිය බව කියන මෙම කාන්තාව හා ඇයගේ ස්වාමියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම යටතේ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අදාළ කාන්තාවද කතරගම ප්‍රදේශයේම පදිංචිකාරියක බව පොලිසිය පවසා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසෙන් දේවාලයේ ප්‍රධාන කපුමහතා සමඟ අනෙකුත් සැකකරුවන් 05 දෙනාද පෙරේදා (20දා) තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පරීක්ෂණ කටයුතු මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ හා තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පො.ප. දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් උ.පො.ප. කුමාර, පො.කො. මංජුල (44974), හේරත් (74923), ගාමිණී (53724) යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon