ඉන්ෆ්ලුවන්සා එන්නතකට වුවමනාවෙන් විෂබීජයක් ඇතුළු කරලා

  👤  3889 readers have read this article !
By mawbima 2018-06-22

දෙනගම ධම්මික රණවීර

පසුගිය දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිරී ගිය ඉන්ෆ්ලුවන්සා වයිරසය වැලඳුණු රෝගීන්ට ලබා දුන් එන්නතට වුවමනාවෙන්ම විෂබීජයක් ඇතුළත් කොට ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එම එන්නත ලබාදීම මේ වනවිට තහනම් කොට ඇති බවත් අදාළ එන්නතට විෂබීජයක් ඇතුළු කොට ඇති බව අනාවරණය කොට ඇත්තේ ඒ පිළිබඳ පර්යේෂණ කරන
විශේෂඥයන් විසින් බවත් හෙතෙම කියා සිටියේය.

එම විෂබීජය වුවමනාවෙන් ඇතුළු කළේ ශ්‍රී ලංකාවේදීද එසේත් නැතිනම් විදේශ රටකදීද යන්න පිළිබඳව තවම කිසිවක් කිව නොහැකි බවද පැවැසූ හෙතෙම ඉන්ෆ්ලුවන්සා වයිරස් තත්ත්වය මේ වනවිට 95%කින්ම පාලනය කොට ඇති බවද අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon