ගැබිනි බිරියට සැමියාගෙන් පිහි පාර හයක්

  👤  4031 readers have read this article !
By mawbima 2018-06-22

පොළොන්නරුව - විපුල් ප්‍රියන්ත

අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ගැබිනි මවකට ඇගේ සැමියා විසින් පෙරේදා (20දා) දහවල් පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයි අරලංවිල පොලිසිය කියයි.
එක් දරු මවක වන ඇය ප්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.
එම කාන්තාවගේ සිරුරේ පිහියා අනුම් තුවාල 6ක් දක්නට ඇතැයි වෛද්‍යවරු කීහ.

තම බිරියට පිහියකින් ඇන තුවාල සිදු කළ ඇගේ සැමියා මේ වන විට පොලිසිය මඟහරිමින් සැඟවී සිටින බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කියති.
අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon