ලිතුවේනියානු පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

  👤  3489 readers have read this article !
By mawbima 2018-06-21

සඳරු පෙරේරා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ '2030 දැක්ම' යටතේ පළමු පියවර ලෙස ජාත්‍යන්තර පාපන්දු තරග මාලාවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එම සම්මේලනය කටයුතු යොදා ඇත. ඒ අනුව යුරෝපීය පාපන්දු කණ්ඩායමක් වන ලිතුවේනියානු ජාතික කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 8 සහ 11 යන දිනයන්හිදී කොළඹ තුරඟ තරග පිටියේදී තරග වැදීමට නියමිතය.

දීර්ඝ කාලීන නිහැ¾ඩියාවකින් පසු ජාත්‍යන්තර පාපන්දු තරග අත්දැකීමක් නැවතත් ශ්‍රී ලංකාවාසීන්ට ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විධිවිධාන යොදා ඇති අතර එළැඹෙන සැප්තැම්බර් මස බංග්ලාදේශයේ පැවැත්වෙන සාෆ් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණද මෙම ජාත්‍යන්තර පාපන්දු තරග මාලාවට හේතු පාදක වී ඇත.

තවද ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ලබන ඔක්තෝබර් මාසයේ තවත් ජාත්‍යන්තර තරග කිහිපයක් මෙරටදී පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ හා කොරියාවේ තරග සංචාරයක නියමිත බවත් මෙයට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඡායාරූපය -
තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon