පස් පොඩ්ඩා මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග

  👤  3450 readers have read this article !
By mawbima 2018-06-21

මිනුවන්ගොඩ - අතුකෝරල

ගම්පහ අස්ගිරිය පාලම අසලදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රැඳවියකු ඇතුළු සිවු දෙනකු ඝාතන කිරීම පිළිබඳ නඩුව ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේදී විභාගයට ගැනිණි.

එහිදී සුසන්ත ධර්මකීර්ති, ජයන්ත ලක්‍ෂ්මන් ධර්මසේන සහ ප්‍රේමලාල් ප්‍රනාන්දු (ලොකු ලාල්) යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර බන්ධනාගාර ගතව සිටින එම නඩුවේ පළමු විත්තිකාර සමන් රෝහිත පෙරේරා හෙවත් "පස් පොඩ්ඩා" නමැති විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු නොලැබීය.
පළමු විත්තිකරු මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ නැත්තේ කුමන හේතුවක් නිසා දැයි මහාධිකරණ විනිසුරුවරයා අධිකරණයේ සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

අධිකරණ නියෝගයක් නොමැති හෙයින් විත්තිකරු මහාධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර නිලධාරීහු මහාධිකරණය හමුවේ පැවැසූහ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වජිර රණසිංහ මහතා පැවැසුවේ පළමු විත්තිකරු ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මාසයේදී ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණ නියමයෙන් විශේෂ ආරක්‍ෂාවක් යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.

විත්තිකරු ජූලි මස 01 වැනිදා ගම්පහ අංක 02 මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නඩු විභාගය ජූලි මස 10 වැනිදාට කල් තැබීය.

2005 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ගම්පහ-මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය පාලම අසලදී මීගමුවේ සිට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට රැ¼දවියන් පිරිසක් ප්‍රවාහනය කළ බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ආර්.ඒ. උපාලි නිරෝෂන්, එච්. විමලසේන පෙරේරා, යක්වෙඩිල්ල වෙද ගෙදර අමරසේන යන බන්ධනාගාර නිලධාරීන් තිදෙනා සහ අඹේගොඩ ලියනගේ කරුණාරත්න පෙරේරා යන රැඳවියා ඇතුළු සිවු දෙනකු මියගොස් තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon