හිමිනමකට පිහියෙන් අනින්න හැදූ කත ගස් බැඳ පොලිසියට භාර දීලා

  👤  3746 readers have read this article !
By mawbima 2018-06-21

මොනරාගල - සංජීව බණ්ඩාර

සෙවණගල වලවේගම විහාරස්ථානයේ හිමිනමකට රම්බෝ වර්ගයේ පිහියකින් ඇන තුවාල සිදුකිරීමට තැත් කළ කාන්තාවක් ප්‍රදේශවාසීන් එක්ව අල්ලා ගස් බැඳ පෙරේදා (19දා) පොලිසියට භාරදුන් බව සෙවණගල පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව සෙවණගල වලවේගම ආලෝක මාවතේ පදිංචිකාරිනියක් බව අනාවරණය වී තිබේ.

පොලිසියට ලද තොරතුරකට අනුව සැකකාරියගේ සැමියා ඉකුත් 18 දින නීති විරෝධී මත්පැන් මිලිලීටර් 2000ක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ඔත්තුව දෙන ලද්දේ මේ විහාරස්ථානයේ හිමිනම යැයි සැක සිතා සැකකරුගේ බිරිය මෙසේ තියුණු පිහියක් රැගෙන විහාරස්ථානයට ගොස් එම භික්ෂුවට අනින්න තැත් කර තිබෙන බව සෙවණගල පොලිසියේ ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකාරිය හා තියුණු පිහිය ඊයේ (20දා) අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජීත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩී.පී.යූ. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත සෙවණගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.එන්. අමරසිරි මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සුදේව මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon