කැලණිය සරසවියේ පැතුම් අවසන් ගමන් යයි

  👤  3564 readers have read this article !
By mawbima 2018-06-21

මැදවච්චිය - ගයාන්

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව ඉහළ උස්ගොල්ලෑව ග්‍රාමයේ පදිංචි විසිතුන් හැවිරිදි වියේ පසු වූ, පැතුම් මධුෂාන් ජයසිංහ පසුගියදා (18දා) උදෑසන ජීවිත ගමනින් සමුගෙන ගියේ මවට, පියාට, සොහොයුරන් හට, මිතුරන් සහ ගම්වැසියන් හට නෙතට කඳුළක් නොදැනීම වැටීමට සලස්වමිනි.

ගමේ ජීවිතය සුන්දර ලෙස ගෙවා නෑදෑ හිතමිතුරන්ගේ ආදර ප්‍රසාදය නිරන්තරයෙන්ම දිනා සිටි පැතුම් පවුලටද සම්පතකි. ජයසිංහ පියාට සහ කාන්ති රූපලතා මවට දරුවන් තුන් දෙනෙකි. පැතුම් පවුලේ දෙවැනියාය.

විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සොකරි නාට්‍ය පෙන්වීමට අවශ්‍ය මුදල් රැස්කර ගැනීම සඳහා ඇඹරැල්ලා අච්චාරු සාදා විකිණීමට ඇඹරැල්ලා කැඩීමට ගිය අවස්ථාවේ පැතුම්ට විදුලි සැර වැදී ඇත. පැතුම් ඇඹරැල්ලා ගසට නැඟ ඇත්තේ ඇලුමිනියම් පටියක්ද රැගෙනය. එම පටිය උපයෝගි කරගෙන ඇඹරැල්ල ගෙඩි කැඩීමට ගත් උත්සාහයේදී අසල තිබූ අධිබලැති විදුලි රැහැනක ඇලුමිනියම් පටිය පැටලී විදුලිය වැදීමෙන් මේ ශෝචනීය ඉරණමට පැතුම් ගොදුරු විය. තම පුතුගේ හදිසි මරණයත් සමඟ හටගත් මහත් කම්පනය හේතුවෙන් පැතුම්ගේ මව අද වනතුරුත් පියවි සිහියට පැමිණ නොමැත.

විටින් විට 'මගේ රත්තරන් පැටියා' කියා ශබ්ද නඟමින් පපුවට පහරවල් කිහිපයක් ගසා ගනිමින් අෑ සිහිසුන්ව ඇද වැටෙනුයේ අසල සිටින සියලු දෙනාගේම දෑස තෙත් කරලමිනි. පැතුම්ගේ පියාද විටින් විට පැමිණ නෙතට කඳුළු පුරවන් තම මියගිය දරුවාගේ මුහුණ බලා 'මගේම වෙලා මතු සසරෙත් ඉපදේවා' යන්න ප්‍රාර්ථනා කරන්නේ හැඬූ කඳුළිනි.

පැතුම් ගෙනා ආයුෂ අවසන් යැයි අසල්වැසියන් පැමිණ මේ මවුපියන්ගේ සිත් සෑදීමට වෙහෙස වනුයේ අනියතය පසක් කරලීමටය. සියල්ල හඬවමින් ආලෝකය පරදවා ඉහළ උස්ගොල්ලෑව ගම්මානයට පැතුම්ගේ මරණය අඳුර ගෙනැවිත් හමාරය. සියල්ල හඬවා ඒ අඳුර මැද්දේම සියල්ලන්ගේම හදවතේ මතක සටහනක් පමණක් ඉතිරි කරමින් සෝ සුසුම් මැද ඊයේ (20දා) පැතුම් අවසන් ගමන් ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon