තරුණයාගේ අවසන් කටයුතුවලදී විරෝධතාවන් කිසිවක් නෑ

  👤  3604 readers have read this article !
By mawbima 2018-06-21

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය, මල්ලාකම් මංසන්ධියේදී පසුගිය 17 වැනිදා රාත්‍රියේ පොලිස් වෙඩි පහරකින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු පෙරේදා (19දා) සවස මල්ලාකම් පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී කිසිවෙක් විරෝධය පෑමෙන් වැළැකී සිටි අතර ප්‍රදේශයේ තරුණයෝ ඇතුළු 500ක් පමණ දෙනා සහභාගි වී සිටියහ.

පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය අවස්ථාවකදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණු අතර එය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකුටද ගැටුමට සම්බන්ධ පිරිස් පහරදී ඇති අතර එම අවස්ථාවේදී තරුණයකු විසින් පොලිස් නිලධාරියකුට පහරදී පිස්තෝලය උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි ජෙරාජ් පාක්‍යරාජා සුදර්ශන් නමැති තරුණයා මියගිය අතර අදාළ සිදුවීමේදී ගැටුමට සම්බන්ධ වූ තරුණයන් පස්දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon