ලෝක ප්‍රතීතන දින සැමරුම් උළෙල අද

  👤  3434 readers have read this article !
By mawbima 2018-06-21

විද්‍යා තාක්‍ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රතීතන අධිකාරිය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනයෙහි (උව්ධ්ච්ර්ණී) සහයෝගයෙන් සුරක්‍ෂිත ලෝකයක් සඳහා ප්‍රතීතනය" යන තේමාව යටතේ ලෝක ප්‍රතීතන දිනය සැමරීමේ 10 වැනි සංවත්සර උත්සවය විද්‍යා තාක්‍ෂණ
පර්යේෂණ නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු හා කඳුුරට උරුමය පිළිබ¼ද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් 2018 ජුනි මස 21 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 9.00ට කොළඹ 01 කිංස්බරි හෝටලයේදී පැවැත්වේ. ආසියා පැසිපික් රසායනාගාර ප්‍රතීතන සංසදයේ සභාපති සහ හෙංකොංහි නව නිපැයුම් හා තාක්‍ෂණ කමිටුවේ චොංග් වෑන්ග් ච-- මහතා මෙහි ප්‍රධාන දේශකයා වේ. දෙස් විදෙස් වෙළෙඳ ව්‍යාපාරික කර්මාන්ත ව්‍යාපාරික, විද්‍යාඥයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගි වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon