අංගොඩ ලොක්කා ගෝල 'සොල්ටා'ට කොළඹින් ඉඩමක් අරන් දෙන්නම් කීවාලු

  👤  1037 readers have read this article !
By mawbima 2018-06-20

චාමර අමරසූරිය

පාතාල නායක 'අංගොඩ ලොක්කා'ගේ ප්‍රධානතම ගෝලයා ලෙස කටයුතු කරමින් පුද්ගල ඝාතන දෙකකට සැකපිට අත්අඩංගුවට ගත් මුනිවරගේ අසිත ප්‍රේමතිලක නොහොත් සොල්ටා යන අයට ඝාතනයෙන් පසු කොළඹින් වටිනා ඉඩමක් මිලදී ගෙන දෙන බවට අංගොඩ ලොක්කා පොරොන්දු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බොරැල්ල ප්‍රදේශයේ ආරක්ෂිත නිවෙස්නයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් 'සොල්ටා' නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

මංජුලා සඳුනි අබේරත්න සහ රොෂාන් ප්‍රේමලාල් නොහොත් 'පොලී රොෂාන්' ගේ ඝාතන සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා සොල්ටාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ ප්‍රදේශයේ ගැවසෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව ඝාතනය කිරීම සඳහා සොල්ටා ගියද එදින ඔහුගේ යතුරුපැදිය අක්‍රිය වීම මත එම ඝාතනයද ව්‍යාර්ථ වී ඇති බව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

මෙම සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවද පොලිසිය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon