සිංහල සහජීවන පදනම බිඳ වැටෙන අයුරින් සිවාජිලිංගම් කළ ප්‍රකාශය හෙළා දකිනවා

  👤  917 readers have read this article !
By mawbima 2018-06-20

උදයන්ති මුණසිංහ

උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් පසුගියදා කිලිනොච්චි ජනතාවට චෝදනා කරමින්, දෙමළ සිංහල සහජීවන පදනම බිඳ වැට්ටවීමට දැරූ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියෝ පවසති.

ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ස්ථාන මාරුවක් ලැබ කිලිනොච්චියෙන් පිටව යන අවස්ථාවේ සංවේදී වූ දෙමළ ජනතාව එතුමාට උපහාර පුද කිරීම පිළිබඳව පසුගියදා මන්ත්‍රිවරයා විසින් කිලිනොච්චි ජනතාවට චෝදනා කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ මේ බව සඳහන් කරති.

එම අවස්ථාවේදී කිලිනොච්චි ජනතාව එතුමාට උපහාර පුද කළ ආකාරය ඉතා අනුවේදනීය බවත්, කළගුණ සැලකීමේ ගුණයෙන් පෝෂණය වී සිටි දෙමළ ජනතාව ස්වභාවයෙන්ම තමන් තුළ ඇති මනුෂ්‍යත්වය ප්‍රකට කළ ආකාරය අති විශිෂ්ට බවත්, උන්වහන්සේ පැවැසූහ.

වසර 30කට ආසන්න කාලයක් උතුරේ පැවැති ත්‍රස්තවාදී සමාජ ව්‍යාකූලතාවට හසුව පුනරුත්ථාපනය වූ දෙමළ ජනතාවගේ ප්‍රතිපත්තිය මොනතරම් අව්‍යාජද යන්න එහිදී පෙන්නුම් කළ අතර සැබෑ මනුෂ්‍ය ධර්මය එහි ගැබ්ව තිබුණු බවත්, මන්ත්‍රි වරප්‍රසාද භුක්ති විඳිමින් ත්‍රස්තවාදයට ආවඩමින් සිවාජිලිංගම් මන්ත්‍රිවරයා සිදුකරන එම ප්‍රකාශ ජාතීන් අතර සමඟිය ගොඩනැඟීමට බාධාවක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

විග්නේශ්වරන්, සිවාජිලිංගම් වැනි දේශපාලනඥයන් උතුරු ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කිරීමට ජාත්‍යන්තරය පොළඹවමින් සිටින බවත්, එම පහත් උත්සාහය මතවාදීව පරාජය නොකළහොත් ත්‍රස්තවාදයට නැවැත හිස එසවිය හැකි බැවින්, එය වැළැක්වීමට වහා පියවර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon