පොලිස් වෙඩි තැබීමකින් යාපනයේ තරුණයකු මිය යෑම ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි

  👤  3409 readers have read this article !
By mawbima 2018-06-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ තෙලිප්පලෙයි, මල්ලාකම් ප්‍රදේශයේදී පසුගියදා (17දා) රාත්‍රි පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ වෙඩි තැබීමේ සිද්ධිය සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. පැමිණිල්ල ලැබීමෙන් පසුව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, ඒ සිද්ධිය වූ අවස්ථාවේදී ඒ අසල සිටි ජනතාවගෙන් හා සිද්ධිය සියැසින් දුටු පිරිසගෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් තොරතුරු රැස් කරගෙන තිබේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වාගෙන යන අතර, මේ වන විට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගනිමින් සිටින අතර පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සියැසින් දුටු පුද්ගලයන්ගෙන්ද කට උත්තර ලබාගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon