යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ 5 දෙනා රිමාන්ඩ්

  👤  3473 readers have read this article !
By mawbima 2018-06-20

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය, මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුම දුරදිග යෑමේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා ලබන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.

පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක වාර්ෂික මංගල්‍යය පැවැති අවස්ථාවකදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණු අතර එය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකුට, ගැටුමට සම්බන්ධ පිරිස් පහරදී ඇති අතර එම අවස්ථාවේදී තරුණයකු විසින් පොලිස් නිලධාරියකුට පහරදී පිස්තෝලය උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලේ හා චුන්නාකම් පොලිසියේ මූලිකත්වයෙන් අංශ කිහිපයක් ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් පසු අදාළ ගැටුමට ඍජුවම සම්බන්ධ වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඊයේ (18දා) සවස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම පිරිස් රිමාන්ඩ් කිරීමට නියෝග කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon