විදුලිබල කාර්යාලවල හා වැඩබිම්වල සේවකයන් අද උද්ඝෝෂණයේ

  👤  3501 readers have read this article !
By mawbima 2018-06-20

හර්ෂණී අර්සකුලරත්න

වැඩ තහනම් කළ ලං.වි.ම වෘත්තීය සමිති නායකයන් සය දෙනා යළි සේවයේ පිහිටුවන ලෙසත්, ලිපිකාර හා සමාන්තර ශේ‍ර්ණි සඳහා ලබාදීමට එකඟ වූ 10%ක දීමනාවට අදාළ වැටුප් කමිටු වාර්තාව නොසඟවා හෙළි කරන ලෙසත්, ඉල්ලමින් අද (20දා) දිවයින පුරා විදුලිබල මණ්ඩල කාර්යාලවල සහ වැඩබිම්වල සේවකයන් පිටකොටුව ලං.වි.ම මූලස්ථානය ඉදිරිපිටදී මධ්‍යහ්න 12.00 සිට උද්ඝෝෂණයේ නියැළීමට නියමිතය.

වෘත්තීය සමිති 30කින් සමන්විත ලං.වි.ම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරනු ලබන මේ උද්ඝෝෂණයට සහභාගි වන සේවකයන්ගේ සහභාගිත්වය අනුව ඇතැම් කාර්යාල වැසී යෑමේ ඉඩකඩක් මෙන්ම නඩත්තු අංශයේ සේවකයන්ගේ පැමිණීම අනුව උද්ඝෝෂණය සිදුවන කාලය අතරතුර සිදුවන බිඳවැටීම් යථාවත් කිරීමේ ප්‍රමාදයන් ඇතිවිය හැකි බවත් එම සමිති සන්ධානය පවසයි.

මේ වන විට මාස 3ක් තිස්සේ වැඩ තහනමකට ලක්ව ඇති ලං.වි.ම විදුලි සේවක සංගමයේ, ලං.වි.ම ජාතික සේවක සංගමයේ සහ ලං.වි.ම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් සය දෙනා යළි සේවයේ පිහිටුවන ලෙස ලං.වි.ම පාලනාධිකාරියට බල කිරීම එම උද්ඝෝෂණයේ එක අරමුණක් බව එම සන්ධානය සඳහන් කරයි.

එසේම පසුගිය වසරේ ලං.වි.ම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දියත් කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයේ ලිපිකරුවන්ට හා සමාන්තර ශේ‍ර්ණි සඳහා 10%ක දීමනාවක් ගෙවීමට අදාළ නිර්දේශ සලකා බැලීමට පත් කළ විරිත්තමුල්ල කමිටුවේ නිර්දේශ මේ වන විට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය වෙත ලැබී ඇතත්, එය ප්‍රසිද්ධ නොකොට රඳවා තබා ගැනීමට විරෝධය පෑමද මේ උද්ඝෝෂණයේ තවත් එක් අරමුණක් බව ඔවුහු පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon