ගර්භණී මවකට ඉදලකින් පහරදුන් කත රිමාන්ඩ්

  👤  3609 readers have read this article !
By mawbima 2018-06-20

තලාව - එල්. අනුර

ගර්භණී මවකට ඉදලකින් පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කාන්තාවක් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ. රමිලා නදීශානි මහත්මිය නියෝග කළාය.

ඉකුත් දා (17දා) ඉඩමක් අතුගා ඉඩමේ කුණු පාරට දැමීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඇති වූ කතාබහක් දුරදිග ගොස් සැකකාර කාන්තාව මෙම ගර්භණී මවට පහරදී ඇති බවට එප්පාවල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාර කාන්තාව එප්පාවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් පහරකෑමට ලක් වූ කාන්තාව දැනට අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එප්පාවල පොලිසිය පවසයි.

පැමිණිල්ල වෙනුවෙන් එප්පාවල පොලිසියේ පොලිස් කොස්තාපල් දිසානායක (35591) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon