සයිටම් ගැටලුව කඩිනමින් විස¼දාවි යැයි බලාපොරොත්තු වෙනවා

  👤  3144 readers have read this article !
By mawbima 2018-06-19

සවනි ශේශාධි

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති පනත හැකි ඉක්මනින් සම්මත කොට තම වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කෙරෙනු ඇතැයි තමන් බලාපොරොත්තු සහගතව පසුවන බව සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ශානක ද සේරම් පවසයි. මේ සතියේදී දෙවැනි වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිත් කෙරෙන පනත සම්මත වීමෙන් අනතුරුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇතැයි සයිටම් සිසුන් බලාපොරොත්තු වන බවද 'මව්බිම'ට අදහස් දක්වමින් හෙතෙම පැවැසීය. සයිටම් සිසුන්ගේ ප්‍රශ්නය අබියස විසඳුමක් දීමට බොහෝ කල් ගතවූ බව මතක් කරදෙන ශානක ද සේරම් පවසනුයේ තවදුරටත් තමන්ගේ කාලය නිකරුණේ වැය නොකරමින් මේ අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් දෙන්නැයි තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

සයිටම්හි මතු වූ යම් යම් අර්බුද හේතුවෙන් මේ වනවිට දේශකවරු කිහිපදෙනකු සේවය හැරගොස් ඇති නිසා සමහර දේශන නොපැවැත්වෙන නමුත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සායනික පුහුණු කටයුතු සිදු කෙරෙන බවත් හෙතෙම අප කළ විමසීමකදී පැවැසීය.

සයිටම්හි සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කරන තුරු සයිටම් ආයතනය අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති නිසා හැකි ඉක්මනින් සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කරගැනීමට අදාළ කටයුතු සිදුවෙතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon