දවසේ කුලියට ගත් කෝට් එක ගෙදරම තියාගත් කොන්දොස්තර පලා ගිහින්

  👤  3231 readers have read this article !
By mawbima 2018-06-19

ලුණුවිල - රෝස් කොලින්

තම මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට යෑමට තමන්ටම කියා නියමිත සුදුසු ඇඳුම් කට්ටලයක් නොතිබූ බස් කොන්‍ෙදාස්තරවරයෙක් කිරිමැටියාන නගරයේ ඇඳුම් කුලියට දෙන ස්ථානයකින් වැඩේ කරගෙන පසුදාම ගෙනැවිත් භාරදෙන බව කියා රුපියල් හත්සියයකට කුලියට කෝට් එකක් රැගෙන ගොස් කට්ටි පනිමින් සිට මාස කීපයකට පසුව කෝට් හිමියාට මුණගැසී අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ.

හිතවත්ම මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට ලද ආරාධනය සතුටින් පිළි ගත්තත් ඊට සහභාගි වීමට තරම් සුදුසු ඇඳුමක් මැසීමට අඩුම තරමේ රුපියල් හත්දාහක් පමණ වැය වන හෙයින් ඔහු රුපියල් හත්සියයකට දවසේ කුලියට කෝට් එකක් ලබාගත්තේ තමා සතු හුරුපුරුදු කලිසමේ පාටට සරිලන අන්දමිනි. තම මිතුරාගේ මංගල ගමනේ වැඩ නිමාවට පත්වුවත් කුලී පදනම මත ගත් කෝට් එකෙන් තවත් එවැනිම ගමන් කීපයක අවශ්‍යතා ඉටුකර ගත් මෙම පුද්ගලයාට එම ඇඳුම ආපසු ගෙනැවිත් හිමිකරුට භාරදීම පස්සට තබා නිහ¾ඩ වීමත් සමඟම ඔහුට එය ආපසු භාරදීමටද අමතක වී ගියේය.

කෝට් හිමිකරු මාස කීපයක්ම බලා සිට බැරිම තැන තම සගයන් කීපදෙනකු අත ඔහුට පණිවුඩ යැව්වේ එය විගස ආපසු ගෙනැවිත් භාරදෙන ලෙස වුවද ලැජ්ජාව නිසාම ඔහු ඒ කිසිවකට කන්දීමක් කළේ නැත. කෝට් හිමියා දැඩි කෝ්පයට පත්ව කවදා හෝ ඔහු මුණගැසෙතැයි බලා සිටි අවස්ථාවක ඉකුත්දා කිරිමැටියාන නගරයේදී දෙදෙනා මුණගැසිණි.

"මගේ කෝට් එකට මොකද කළේ ඔය වගේ ජරා වැඩ කරන්න එපා."

කෝට් හිමියා දෙනෝදාහක් බලා සිටියදී බැනගෙන බැනගෙන යද්දී අදාළ පුද්ගලයාගේ හිතවතුන් කිහිපදෙනකුත් ඒ අසල විය. "ඇයි මම කෝට් එකට සල්ලි දීලා නේ ඔයාගෙන් අරන් ගියේ."

ඒ ඔහුගේ පිළිතුර විය.

"රුපියල් හත්සියයට කෝට් එකක් දෙනවද ඕයි"

ඕක හත්දාහක් විතර වටිනා කෝට් එකක්. ඔහේට ඕක දුන්නේ දවසේ කුලියටයි" හිමිකරු යළිත් බැන වැදිණි.

"මම හිතුවේ කෝට් එකේ වටිනාකම රුපියල් හත්සියයක්" බව කියමින් අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් විගස පලා ගියත් මේ වනතුරු ඔහුට සිදුවූ දෙයක් සොයාගත නොහැකි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon