හැකි නම් මැතිවරණයට පෙර මහින්ද අග්‍රාමාත්‍ය ධුරයට පත්කර පෙන්වන්න කුමාර වෙල්ගමගෙන් 16 කණ්ඩායමට අභියෝගයක්

  👤  3183 readers have read this article !
By mawbima 2018-06-19

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

2020 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන මැතිවරණවලට පෙර හැකි නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලනිප 16 කණ්ඩායමට අභියෝගයක් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා තීරණය කිරීමට 16 කණ්ඩායමට අයිතියක් නොමැති බවත් එය සිදුකෙරෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවත් වෙල්ගම මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

2020 ජනාධිපති අපේක්ෂකයා තේරීමේ කාර්යයට හවුල් වීමට නම් 16 කණ්ඩායම කඩිනමින් ඒකාබද්ධ විපක්ෂයට එක්විය යුතු බවත් නොඑසේනම් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර පෙන්විය යුතු බවත් වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon