රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් මහ නායක හිමිවරු නිහඬව සිටීම කනගාටුවට කරුණක් අමරපුර සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමි

  👤  3112 readers have read this article !
By mawbima 2018-06-19

දමුණුපොළ - චමින්ද ජයලත්

මෑත කාලයේ රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් මහ නායක හිමිවරු මෙන්ම වගකිව යුතු බලධාරීන්ද නිහඬව සිටිනවා. ඒ වගේම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙනුත් රටේ මහ නායක සියලුම හිමිවරු නිහඬව සිටීම කනගාටුවට කරුණක් යැයි කෑගල්ල ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහ නායක හා වත්මන් අමරපුර සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවැසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඥානසාර හිමියන් හට මාස 06ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමිනි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට උසාවියෙන් සිරදඬුවම් නියම වනතුරු පොදුවේ සංඝ සමාජයේ හෝ විශේෂයෙන් අදාළ නිකාය පාර්ශ්වයෙන් හෝ දඬුවමක් ලබාදී නැත. එහි තේරුම වන්නේ උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක ලෙස සංඝ සමාජය විසින් පිළිගෙන තිබීමයි. ඥානසාර හිමියන්ට විරුද්ධව උසාවියේ නඩු විභාග වෙද්දිත් දිවයිනේ නන් දෙසින් ධර්මදේශනාවලට උන්වහන්සේට ආරාධනා ලැබුණා. දහම් ඇසීමට දහස් සංඛ්‍යාත ගිහි ජනයා එක්රොක් වුණා. එහි තේරුම වන්නේ උන්වහන්සේ සිවුරු දමා සිටීම ගිහිපැවිදි දෙපාර්ශ්වය විසින්ම අනුමත කර තිබෙනවා යන්නයි. දඬුවමට අදාළ චෝදනාව සිවුරු හැරවීමට තරම් වූ වරදක් නොවේ නම් සංඝ සමාජය පැත්තෙන් ගැටලුවක් ඇත. මේ පිළිබඳව සියලු මහ නායක හිමිවරු ඒකමතික අදහසකට පැමිණ රටේ විධායක බලය තවමත් පවතින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුය. ඕනෑම බරපතළ එහෙත් ගැළපෙන වැඩක් සිවුරු දරාගෙන කිරීමට හැකියාව තිබෙනවා යැයි ගන්තුනේ අස්සජි ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon