බන්ධනාගාර නියාමකගේ කුඩේ කුඩු

  👤  3151 readers have read this article !
By mawbima 2018-06-19

කුමුදු උපුල් ශාන්ත

කුඩයක් අස්සේ කුඩු සඟවාගෙන සිය රාජකාරිය සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණි බන්ධනාගාර නියාමකවරයකු බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ අංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉකුත්දා (16දා) රාත්‍රියේ මෙම සැකකාර නියාමක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ‍ෙදාරටුවෙන් ඇතුළුවීමට තැත් කිරීමේදී ඔහුගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් සැකසිතූ බුද්ධි හා ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු සතුව තිබූ කුඩය තුළ තිබී මෙම මත් කුඩු අත්අඩංගුවට ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ මෙම සැකකාර නියාමක වසර 20ක සේවා කාලයක් සපුරා ඇති අයකු බවත් වැඩිදුර විමර්ශන සඳහා මත්කුඩුද සමඟ එම නියාමක බොරැල්ල පොලිසිය වෙත භාරදුන් බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon