අම්පාර සුළි සුළඟින් ප්‍රා.ලේ. කොට්ඨාස හයක නිවාස එකසිය තිස්හයකට හානි

  👤  3153 readers have read this article !
By mawbima 2018-06-19

අම්පාර - ධනුෂ්කා දිල්හානි

අධික වර්ෂාව සමඟ ඇතිවූ සුළි සුළං තත්ත්වයක් නිසා අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක නිවාස 136කට හානි සිදුව ඇති බව අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා පැවසීය.

ඉකුත් 17දා සවස 4.30ට පමණ මෙම සුළං තත්ත්වය ඇතිවී ඇති අතර සුළඟ නිසා ගස් කඩාවැටීම නිසා මාර්ගද අවහිර වී ඇත. විදුලි කණු මතට ගස් වැටීම නිසා විදුලි රැහැන් බිඳවැටී ඇති අතර වීරගොඩ 9 කොලනිය ප්‍රදේශයේ අධිවිදුලි රැහැන් කණුද පෙරළී තිබේ. මේ තත්ත්වය මත 17 සවස සිට ගම්මාන ගණනාවකට විදුලිය ඇනහිට තිබේ.

මේ වනවිට පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදා ඇති වී තියෙන බාධක ඉවත් කරමින් සිටින බව අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සඳහන් කළේය.

විපතට පත් ප්‍රදේශවල ග්‍රාමසේවා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් තොරතුරු රැස්කරමින් සිටින බවද පැවැසීය. මෙම පුද්ගලයන් සඳහා සම්පූර්ණ හානිවලට මුදල් ගෙවීමට කටයුතු කරන බවද දිසාපතිවරයා කීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon