එගොඩඋයන මිනිස් ඝාතනයේ විත්තිකරුවෝ නි‍ෙදාස් කොට නිදහස්

  👤  3236 readers have read this article !
By mawbima 2018-06-19

තල්පිටිය - කහපොලගේ එස්. ප්‍රනාන්දු

මොරටුව කතෝලික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැති 1999 ජනවාරි මස 17 දින මොරටුව එගොඩඋයන මහා මාර්ගයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් තිදෙනකුට බරපතළ තුවාල සිදුවිය.

මෙම නඩුව විභාග කළ පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම නඩුවේ විත්තිකරුවන් තිදෙනාම අධිචෝදනාවලින් නි‍ෙදාස්කොට නිදහස් කරන ලදී. විවෘත අධිකරණයේදී ඊයේ (18දා) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

මොරටුව එගොඩඋයනේ පදිංචි එල්. ලොරීන්සු ද මැල් නමැත්තාට වෙඩි තබා 1999 ජුනි 17 වැනිදා මරා දැමීම සහ ඇල්. වී. ලක්ෂ්මන් ද මැල්, සිරික්කාතු ප්‍රනාන්දු සහ දිලුක් ඇන්ටනි ෂර්මන් සිල්වා යන තිදෙනාටද වෙඩි තබා බරපතළ තුවාල සිදුකර මරා දැමීමට තැත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

මෙම නඩුව අධිකරණය විසින් දීර්ඝ ලෙස විභාග කළේය. නඩුවේ තුන්වැනි විත්තිකරු මහරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නඩුවේ සාක්කිකරුවන්ට එම විත්තිකරුවා පෙන්වාදී ඇත්තේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට පෙරය.
මේ බව අධිකරණය හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකරුවෝ සඳහන් කළහ.

සෙසු සාක්ෂි සලකා බලන විට පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද අධිචෝදනා සැකයෙන් තොරව අධිකරණය හමුවේ ඔප්පු කර නැත. එහෙයින් විත්තිකරුවන් සියලු දෙනාම අධිචෝදනාවලින් නි‍ෙදාස් කර නිදහස් කරමි යැයි විනිසුරුවරයා නඩු තීන්දුවේ සඳහන් කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් සමදරා ජයසිංහ, එස්. ඒ. පෝල් සහ සිසිර කොඩිකාර යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
නීතිපතිවරයා වෙනුවෙන් ගයානි වෑගොඩපොළ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon