වසර 34කට පසු ඕස්ට්‍රේලියාව එක්දින පිටියේ පහළට වැටෙයි

  👤  3137 readers have read this article !
By mawbima 2018-06-19

එංගලන්තය හමුවේ නොකඩවා ලැබූ දෙවැනි පරාජය හේතුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වර්ගීකරණයේ හයවැනි ස්ථානය දක්වා පසුබැසීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවූ අතර, ඕස්ට්‍රේලියානුවන්ට මෙවැනි පහළ ස්ථානයක් දක්වා පල්ලම් බැසීමක් සිදුවූයේ වසර 34කට පසුව වීමද විශේෂත්වයකි.

ඒ අනුව 1984 වසරේදී ඕස්ට්‍රේලියානුවන් එක්දින ක්‍රිකට් වර්ගීකරණයේ 6 වැනි ස්ථානය දක්වා පහළ වැටී තිබුණද ඉන් අනතුරුව ඔවුන් 1987 ලෝක කුසලානය දිනාගත්තාට පසු කිසිම අවස්ථාවක මෙවැනි පසුබැසීමක් සිදු වී නොමැති වීමද කැපී පෙනේ.

මේ අතර ඕස්ට්‍රේලියානුවන් පරාජය කිරීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ඉන්දියාව (දෙවැනි තැන) අභිභවා එක්දින ශේ්‍රණිගත කිරීම්හි ප්‍රමුඛස්ථානයට පැමිණ ඇති අතර, තෙවැනි ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon